චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකිකයෙක් පැහැර ගනී

ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවරට ගිය 50 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කිසියම් කණ්ඩායමක් විසින් පැහැරගෙන තිබෙනවා.

ඉන්දීය පොලිසිය මෙම ශ්‍රී ලාංකිකයා බේරාගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළේ.

ඇනා නගර් බටහිර ප්‍රදේශයේ පදිංචි කේ. චිත්‍රා (43), එම්. රියාස් අස්කාර් (47), බටහිර කේකේ නගර්හි ජී. වෙල්මුරුගන් (41) සහ කේ. දිනේෂ් (31) යන පිරිසක් විසිනුයි මොහොමඩ් ශ්‍යාම් නම් මෙම පුද්ගලයා පැහැරගෙන ඇත්තේ. ඔහු දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ චෙන්නායි හි උතුරු ප්‍රදේශයේ මන්නාඩි ප්‍රදේශයේ Parry’s Corner වෙළඳ සංකීර්ණයක නතර වී සිට තිබෙනවා.

ඉන්දීය පොලිසිය පැවසුවේ තමන් ශ්‍යාම්ගේ දියණිය ලෙස හඳුන්වා ගත් කාන්තාවකගෙන් පාලක මැදිරියට දුරකථනයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. තම පියා පැහැරගෙන ගිය බව කියන පුද්ගලයකු බදාදා තමාට කතා කළ බවත් ඔහු නිදහස් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15 ක කප්පමක් ඉල්ලා සිටි බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය ඊයේ අදාළ කප්පම් ඇමතුම ලබා දුන් දුරකථන අංකය සොයාගෙන, සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගෙන පැහැරගත් ශ්‍රී ලාංකිකයා බේරා ගෙන තිබෙනවා.

මෙම ලාංකිකයා ණය වී සිටින චිත්‍රා නම් කාන්තාව සහ ඇයගේ පෙම්වතා ඇතුලු පිරිසක් එක්ව මෙම පුද්ගලයා මෝටර් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16