චෙන්නායි කණ්ඩායම පරදා හයිද්‍රාබාදයට කඩුළු 06ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18වන තරගයෙන් චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම පරදා කඩුළු 06ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකිවුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුව පන්දු රකිමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසුණු චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුළු 05ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 165ක්.

එහිදී ශිවම් ඩුබේ පන්දු 24කින් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් , ටී නටරාජන් , පැට් කමින්ස් , ෂාබාස් අහමඩ් සහ ජයදේව් උනද්කට් යන ක්‍රීඩකයින් එක් කඩුල්ල බැගින් දවා ගැනීමටයි සමත්වුණේ.

ඉන් අනතුරුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හයිද්‍රාබාද් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී පසුකර යාමට සමත්වුණා.

මෙහිදී ඒඩන් මාක්‍රම් පන්දු 36කින් ලකුණු 50ක් ලබා ගත් අතර අභිෂේක් ෂර්මා පන්දු 12 කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 37ක්.

පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මොන් අලී කඩුළු 02ක් දවාගත් අතර දීපක් චාහර් සහ මතිෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මෙම තරගයේ වීරයා වශයෙන් සන්රයිසස් කණ්ඩායමේ අභිෂේක් ෂර්මාව නම් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40