චෙන්නායි කණ්ඩායමට ලකුණු 174ක ඉලක්කයක්

17 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු යන කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායාම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන් කඩුළු 06ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකල අනුජ් රාවට් පන්දු 25කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 48ක්.

පන්දු යැවීමේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මුස්ටෆිසූර් රහ්මාන් ලකුණු 29කට කඩුළු 04ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා චෙන්නායි කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 174ක්.