චෙන්නායිවරුන්ට එරෙහිව බැංග්ලෝර්වරුන් අද පිටියට

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන 08 වැනි තරගය අද (28) රාත්‍රී 07.30ට ආරම්භ වනවා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතර යි.

තරගය චෙන්නායි නුවර දී ආරම්භ වනවා.

චෙන්නායිවරුන් සහ බැංග්ලෝර්වරුන් මේ වන විට එක් තරගය බැගින් මුහුණ දී ඇති අතර දෙපිළ ම පළමු තරගය ජය ගැනීමට සමත් වුණා.

චෙන්නායිවරුන් හමුවේ පළමු තරගය මුම්බායි ඉන්දියන්ස්වරුන් පරාජයට පත් වූ අතර බැංග්ලෝර්වරුන් හමුවේ පරාජයට පත් වූයේ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මේ වනවිට ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින රෝයල් චැලෙන්ජර්ස්වරුන්ට අද අභියෝගයක් නිර්මාණය කරන චෙන්නායිවරුන් සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර ඊයේ (27) රාත්‍රියේ පැවති හයිද්‍රාබාද් නුවර දී පැවති තරගයේ දී ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම කඩුලු 05ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ ප්‍රබල සන් රයිසස් හයිද්‍රාබාද්වරුන් ව පරාජයට පත් කරමින්.

තරගයේ පළමු ව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09කට ලකුණු 190ක් ලබා ගත්තා.

සන් රයිසස්වරුන්ගේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ ට්‍රවිස් හෙඩ්.

හෙඩ් ලකුණු 47ක් ද, අනිකිට් වර්මා ලකුණු 36ක් සහ නිටිෂ් කුමාර් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ශර්දුල් ටකූර් ලකුණු 34කට කඩුලු 04ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය ලක්නව්වරුන් කඩුලු 05ක් දැවී තිබියදී ලකුණු 193ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.

නිකලස් පූරාන් ලකුණු 72ක් සහ මිචෙල් මාර්ෂ් ලකුණු 52ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය නිටිෂ් කුමාර් දිනාගත්තේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49