චුට්ටක් ගෑස් ලීක් වුණාට කමක් නෑ… කාන්දුව දුටු රාජ්‍ය නිලධාරියාට සමාගමෙන් යකාගෙ උත්තරයක්!

ආහාර පිසීම සඳහා ගෙනා ගෑස් සිලින්ඩරය පාවිච්චියට බිය වී සිටි තම බිරිඳගේ පෙරැත්තය නිසාම එම ගෑස් සිලින්ඩරයේ අවදානමක් ඇත්ද යන්න දැනගැනීම සඳහා ගෑස් සිලින්ඩරයේ තාවකාලික ඉටි රඳවනය ගළවා ඒ මතට සබන් පෙණ ස්වල්පයක් දැමීමේදී එම සිලින්ඩරයන් ලොකු ගෑස් කාන්දු වීමක් දක්නට ලැබිණි.

මේ ගැන නිසි උපදෙස් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තම ජංගම දුරකථනයෙන් අදාළ සමාගමෙන් නිසි උපදෙස් පැතීමේදී, ‘මෙය එතරම් ගණන් ගත යුත්තක් නොවන බවත්, චුට්ටක් නං ගෑස් ලීක් වුණාට කමක් නෑ’ යනුවෙන් එම ආයතනයෙන් ලබාදුන් පිළිතුරින් තමන් සහ තම පවුලේ අය විමතියට පත් වූ බවත් උතුරු මැද පළාත් රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු පවසයි.

අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ පවුලේ අය මුහුණ දුන් මෙම ගැටලූව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයෙක් මෙසේ ද කීය.

‘‘දින කීපයකට පෙර ගෙනා මෙම ගෑස් සිලින්ඩරය එකපාරටම පාවිච්චියට ගැනීමට මගේ බිරිඳ බියවුණා. ඇත්තම කීවොත් වර්තමාන තත්ත්වය මත මගේ හිතෙත් පොඩි සැකයක් තිබ්බා මේක පරීක්ෂා කරන්නෙ නැතිව පාවිච්චියට ගන්න. ඒක නිසයි මම මේ විදිහට මේ ගෑස් සිලින්ඩරය පරීක්ෂා කළේ. ඉතිං මට දැන් තියෙන ලොකුම ගැටලූව නිසි ප‍්‍රමිතියක් නැති නිසා මෙහෙම ගෑස් ලීක්වෙන එකටත් වඩා මෙවැනි අවදානම් සිදුවීමක් වුණාම එයට බිය වී ඉන්න ජනතාව උපදෙස් පැතුවාම ආයතනයක් මෙහෙම උත්තර දෙනව නම් රටේ ජනතාවට ගෑස් සම්බන්ධයෙන් බියෙන්මයි ඉන්න වෙන්නෙ’’ යැයිද කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54