චීස් කියා ගන්න බැරි වෙන්න වැදුනු බදු මෙන්න….

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට ඊයේ සිට පියවර ගෙන තිබුනා.

එසේ වැඩි කරන ලද බදු අතර යෝගට් ආනයනයේදී කිලෝග්‍රෑම් එකකට පනවා තිබූ රුපියල් 1000ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයට රුපියල් 2000ක් දක්වා ඉහළ දමා තිබේ.ඒසේම සියලුම වර්ගවල චීස් සඳහා කිලෝග්‍රෑමයකට පනවා තිබූ රුපියල් හාරසියයක විශේෂ වෙළඳභාණ්ඩ බද්ද ද රුපියල් 600 දක්වා ඉහළ දමා තිබෙනවා.

දොඩම් ආනයනයේදී කිලෝ ගැරෑමයකට මෙතෙක් පැවති රුපියල් 200 වූ තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 600ක් දක්වා ඉහළ නැංවීමටද මෙම වැඩි කිරීම් වලින් පියවර ගෙන තිබිනි. මිදි සහ ඇපල් ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත්තේ රුපියල් 300 සිට රුපියල් 600 දක්වාය.

එච්.එස් කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය ජූනි පලවනදා සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම භාණ්ඩ සඳහා අයකෙරෙන ආනයනික බදු, රේගු බදු සහ අධිභාර සැලකිය යුතු ළෙස ඉහළ දමමින් මෙම තීරණය ගෙන තිබේ.

එසේම ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන භාණ්ඩ සඳහා වන බදු 15% සිට 200% දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

බදු ඉහළ දැමීම ඉදිරි මාස 06 ක කාලයක් සඳහා වලංගු වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

එසේම තවත් ජනතාවට වැඩියෙන් දැනෙන තීරණයක් ලෙස මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් සඳහා වන බදු සීයයට 50 කින් ඉහළ දැමීම පෙන්වා දිය හැකියි.

ගෘහස්ථ විදුලි උපකරණ වන වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, දුරකථන සඳහා වන බදු 100% කින් ඉහළ දමා ඇත.එසේම අනෙකුත් විදුලි උපකරණ සඳහා වන බද්ද 15% කින් ඉහළ දමා තිබේ.

චොකලට් සඳහා බද්ද 200%ක් ඉහළ දමා ඇති අතර එල්.ඊ.ඩී බල්බ සහ සැරසිලි සඳහා වන බද්ද 50% කින් ඉහළ දමා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34