spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන ළමයින්ට දුරකථන භාවිතයට සීමා

ළමුන් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකකට සීමා කිරීමට චීන බලධාරීන් නිර්දේශ කර තිබෙනවා.

මෙය නිවේදනය කිරීමෙන් පසු චීන තාක්‍ෂණ සමාගම්වල කොටස් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව නිර්දේශයට අනුව වයස අවුරුදු 16-18 අතර පරිශීලකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය දිනකට පැය දෙකකට සීමා කරන අතර 16ට අඩු අය පැයකට සීමා වනු ඇති.

වයස අවුරුදු 8ට අඩු ළමයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය විනාඩි අටකට සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ, ස්මාර්ට්ෆෝන් භාවිතය රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා බොහෝ දුරට භාවිත කළ නොහැකි වනු ඇති.

පොප්-අප් පණිවිඩ මගින් දරුවන්ට විනාඩි 30ක් තම දුරකථන භාවිත කළ පසු විවේක ගැනීමට සිහි කැඳවීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම තීරණයත් සමග චීනයේ තාක්ෂණික සමාගම්වල කොටස් මිල සීග්‍රයෙන් පහත වැටීමට ද හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

TikTok හිමිකරු ByteDance, මෙන්ම Bilibili සහ Kuaishou ඇතුළු මාධ්‍ය දැනටමත් පරිශීලකයින්ට ඔවුන්ගේ යෙදුම් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද යන්න සීමා කරන “teenage modes” හඳුන්වා දී තිබෙනවා.

TikTokවලට සමාන ByteDance’s Douyin යෙදුම, දිනකට මිනිත්තු 40කට වඩා වැඩි කාලයක් ලොග් වීම ද තරුණ තරුණියන්ට අවහිර කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
9
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?