චීන ළමයින්ට දුරකථන භාවිතයට සීමා

ළමුන් සඳහා ස්මාර්ට්ෆෝන් භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකකට සීමා කිරීමට චීන බලධාරීන් නිර්දේශ කර තිබෙනවා.

මෙය නිවේදනය කිරීමෙන් පසු චීන තාක්‍ෂණ සමාගම්වල කොටස් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව නිර්දේශයට අනුව වයස අවුරුදු 16-18 අතර පරිශීලකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය දිනකට පැය දෙකකට සීමා කරන අතර 16ට අඩු අය පැයකට සීමා වනු ඇති.

වයස අවුරුදු 8ට අඩු ළමයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය විනාඩි අටකට සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ, ස්මාර්ට්ෆෝන් භාවිතය රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා බොහෝ දුරට භාවිත කළ නොහැකි වනු ඇති.

පොප්-අප් පණිවිඩ මගින් දරුවන්ට විනාඩි 30ක් තම දුරකථන භාවිත කළ පසු විවේක ගැනීමට සිහි කැඳවීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම තීරණයත් සමග චීනයේ තාක්ෂණික සමාගම්වල කොටස් මිල සීග්‍රයෙන් පහත වැටීමට ද හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

TikTok හිමිකරු ByteDance, මෙන්ම Bilibili සහ Kuaishou ඇතුළු මාධ්‍ය දැනටමත් පරිශීලකයින්ට ඔවුන්ගේ යෙදුම් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද යන්න සීමා කරන “teenage modes” හඳුන්වා දී තිබෙනවා.

TikTokවලට සමාන ByteDance’s Douyin යෙදුම, දිනකට මිනිත්තු 40කට වඩා වැඩි කාලයක් ලොග් වීම ද තරුණ තරුණියන්ට අවහිර කර ඇති බවයි සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33