චීන ව්‍යවසායකයින් අතුරුදන් වීම දිගින් දිගටම – ප්‍රමුඛ පෙළේ බැංකුකරුවෙකුත් අතුරුදන්

චීනයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන චයිනා රිනයිසන්ස් ආයෝජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බාඕ ෆෑන් අබිරහස් අන්දමින් අතුරුදන් වී තිබෙනවා.

මෙම අතුරුදන්වීම අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මාගේ අතුරුදන් වීම හා සමානත්වයක් ගන්නා බවයි විදෙස් වාර්තා පවසන්නේ.

චයිනා රිනයිසන්ස් ආයෝජන බැංකුවේ කොටස්හිමියන්ට සහ කළමනාකාරීත්වයට දින 02ක් තිස්සේ ෆෑන් වෙත ළඟා වීමට නොහැකි වී ඇති අතර, එම තත්ත්වය හමුවේ ඔහුගේ සමාගමේ වටිනාකම 50% දක්වා පහත වැටී තිබෙනවා.

ඔහුගේ මෙම හදිසි නොපැමිණීම සමූහයේ ව්‍යාපාර හෝ මෙහෙයුම්වලට බාධා විය හැකි බවටයි සැක පළ වන්නේ.

චීන නියාමකයින්ට සහ රජයට අයත් බැංකුවල වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා කිරීමෙන් පසු ජැක් මා 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී අතුරුදන් වීමේ සිදුවීමට බාඕගේ මෙම අතුරුදහන් වීමේ සිදුවීම අමුතු සමානකමක් දක්වන බව විදෙස් වාර්තා පවසනවා.

ජැක් මාගේ තෙමසකට ආසන්න කාලයක අතුරුදන්වීම සිදුව තිබුණේ ආණ්ඩුවේ පිටු බලය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ ඩොලර් ට්‍රිලියන 60ක මූල්‍ය අංශය ඉලක්ක කරගත් දූෂණ විරෝධී වැඩසටහනක් අතරතුර දී යි.

චීනයේ මෙම දූෂණ විරෝධී ව්‍යාපාරය සැලසුම් කර තිබුණේ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආධිපත්‍යයට සහ ඔහුගේ ප්‍රතිපත්ති අභියෝග කරන විසම්මුතියේ හඬවල් නිශ්ශබ්ද කිරීමට බවයි.

චීනයේ දැවැන්ත සමාගමක් වන ෆින්ටෙක් ඇන්ට් සමූහයේ පාලනය තමන් අත්හරින බව ජැක් මා මෑතකදී නිවේදනය කළ අතර එය චීන පාලනයට එරෙහිව ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාවේ ප්‍රතිවිපාකයක් ලෙසයි සැලකෙන්නේ.

චීනයේ ඩිජිටල් ගෙවීම් සමාගමක් වන ඇන්ට් ෆිනෑන්ෂල් සමාගම ජැක් මා චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබුණු බව විචාරකයින් පෙන්වා දෙනවා.

නමුත් චීන පාලනයට එරෙහිව ඔහු විසින් සිදුකරනු ලැබූ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ඒ වෙනුවට, ඔහුට සිදුව ඇත්තේ එය අත්හැරීමටයි.

ප්‍රමුඛ පෙළේ බැංකුකරුවෙකු වන බාඕ ෆෑන්ගේ හදිසි අතුරුදන් වීමත් සමඟ සැකයට තුඩු දී ඇත්තේ චීන පාලනය විසින් ඉහළ මූල්‍යකරණයට එරෙහිව විශාල මර්දනයකට කටයුතු කරමින් සිටින බවටයි.

චයිනා රිනයිසන්ස්හි සභාපතිවරයා වූ කොංග් ලින් ද 2022 සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීමට චීන නිලධාරීන් කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස චීන බලධාරීන් පෙන්වා තිබුණේ ඔහු රජයට අයත් ICBC බැංකුවේ පෙර සිදුකළ වැඩ කටයුතුවලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

චීන කොංග්‍රස් පාලනයේ මෙම අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් චයිනා රිනයිසන්ස් සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

ෆෝබ්ස් සඟරාව මෑතකදී කියා සිටියේ පසුගිය වසර කිහිපය තුළ කොමියුනිස්ට් පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් එකඟ නොවු ප්‍රකෝටිපතියන් රැසක් අතුරුදහන් වී ඇති බවයි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් සිදුකරන මෙවැනි ක්‍රියා චීන ව්‍යාපාරිකයන් තුළ බියක් ජනිත කිරීමට හේතුවී ඇති අතර එවැනි සිදුවීම් හේතුවෙන් ඔවුන් මව්බිම අතහැර විදේශගත වීමට පවා පෙලඹී සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

චීන ව්‍යාපාරිකයින්ට එරෙහි මෙම මර්දනයන් සැලකෙන්නේ පීඩාකාරී ක්‍රියාවන් ලෙසයි.

මේ හේතුවෙන් බොහෝ රටවල් චීන ව්‍යාපාර කෙරෙහි බීජිං හි බලපෑම ගැන විමසිලිමත් වන තත්ත්වයක් ද මතුව තිබෙනවා.

එපමණක් නොව, චීන සමාගම් වෙනත් රටවල සිදු කරන ආයෝජන රටක ජාතික ආරක්ෂාව දුර්වල කිරීමේ උත්සාහයක් විය හැකි බවටයි බොහෝ රටවල් මේ වන විට සැක පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53