චීන වරායේ බස් අනතුරකින් දෙදෙනෙකුට තුවාල (වීඩියෝ)

ත්‍රිකුණාමලය චීන වරාය ධාන්‍යගම ප්‍රදේශයේදී නාවික හමුදාවට අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස 6ට පමණ අනතුර සිදුවී ඇත්තේ සාම්පූර් කඳවුරට අයත් බස් රථයක් සෙබළුන් රැගෙන චීන වරාය දුම්රිය ස්ථානය වෙත යමින් සිටියදීයි.

අප වාර්තාකරු සඳහන් කළේ බස් රථය ධාන්‍යගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එම ස්ථානයේ තිබූ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකට කඩා වැදී ඇති බවයි.

එම ස්ථානයේ නතර කර තිබූ යතුරුපැදියකට ද අනතුරින් හානි වී තිබෙනවා.

බස් රථය එම ස්ථානයේ තිබූ තාප්පයක ගැටී ඉදිරියට ගමන් කර රූපලාවන්‍ය මධ්‍යස්ථානය තුලට කඩා වැදී ඇතැයි සඳහන්.

අනතුරින් එම බස් රථයේ රියදුරා සහ පා පුවරුවේ ගමන් කළ නාවික හමුදා සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26