චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ඉන්දියන් සාගරයට කඩා වැටීමේ වීඩියෝව මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
මෙලෙස කඩා වැටී ඇත්තේ සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදා ගත් ලෝන් මාච් ෆයිව් බී රොකට්ටුවේ ප්‍රධාන කොටසයි. මෙය මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකේ.
චීනය විසින් උඩුගුවනට යැවූ දැවැන්ත රොකට් යානයේ විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බව නාසා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණි.
එහිදී ටොන් 21ක් බරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත බව නාසා විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළේය.
මාලදිවයින ආසන්නයට මෙම රොකට්ටුව කඩා වැටී තිබිණ.














ඔය space x eke SN9 launch eke video එක ඕක China එක නෙවෙයි