spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන රොකට්ටුව පෘථිවියට කඩා වැටෙයි

ඉදිවෙමින් පවතින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත පසුගිය 24 වනදා මොඩියුල කීපයක් රැගෙන අභ්‍යවකාශ ගත වූ චීන රොකට්ටුව ඉන්දීය සාගරයට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය දැනුම් දෙනවා.

මෙම රොකට්ටුවේ කොටස් කඩා වැටුණේ ඉන්දීය සාගරය කුමන කලාපයට යන්න සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිවක් පවසා නැහැ.

‘ටියැංගොන්’ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් ලොන්ග්මාච් 5B වර්ගයේ රොකට්ටුව පෘථිවියට කඩා වැටෙන බව පසුගිය සතියේ සිට නිරීක්ෂණය වී තිබුණා.

මේ අතර ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව චීන අභ්‍යවකාශ ආයතනය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?