චීන බැංකු 40ක් අතුරුදන්

චීනයේ බැංකු ක්‍ෂේත්‍රය විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින හතක් වැනි කෙටි කාලයක් තුළ බැංකු 40ක් අතුරුදහන් වී ඇති අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවනවා.

බංකොලොත්භාවය පිළිබඳ කටකතා හේතුවෙන් කනස්සල්ලට පත් ගනුදෙනුකරුවන් විසින් එරට ප්‍රධාන පෙළේ බැංකුවක් වන Jiangxi බැංකුවේ මූලස්ථානය වටලනු ලැබූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ ගැටළු හේතුවෙන් එහි ලාභය 30% කින් අඩු විය හැකි බවට බැංකුව කලින් අනතුරු අඟවා තිබුණා.

‘ද ඉකොනොමිස්ට්’ වාර්තා කළේ චීනයේ බැංකු 3,800 ක් පමණ අනතුරේ පවතින බවයි.

මෙම බැංකුවල වත්කම් ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 55ක් (ඩොලර් ට්‍රිලියන 7.5ක් පමණ) වන අතර එය චීනයේ බැංකුවල ඇති සියලුම මුදල්වලින් 13%ක්.

මෙම බැංකු දිගු කලක් හොඳින් පවත්වාගෙන ගොස් නැති අතර බොල් ණය ගොඩ ගැසී ඇතැයි අදාළ ලිපියේ සඳහන්.

ද ඉකොනොමිස්ට් වාර්තාව පෙන්වා දෙන්නේ මෙම බැංකුවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සංවර්ධකයින්ට සහ පළාත් පාලන ආයතනවලට ණය ලබා දී ඇති අතර එමඟින් දේපල වෙලඳපොල පසුබෑමේ බලපෑම්වලට බැංකුව ගොදුරු වී ඇති බවයි.

මෑත වසරවලදී සමහර බැංකු විසින් හෙළිදරව් කර ඇති ආකාරයට අක්‍රීය ණය ඔවුන්ගේ ණය කළඹින් 40%ක් බව ද ඉකොනොමිස්ට් වාර්තා කරනවා.

“ද ඉකොනොමිස්ට්” පෙන්වා දෙන්නේ කුඩා, අර්බුදයට ලක් වූ බැංකු හැසිරවීමේදී චීනයේ මූලික උපාය මාර්ගය වන්නේ “ඒවා අවශෝෂණය කර ගැනීම” බවයි.

මෑතකදී අතුරුදහන් වූ බැංකු 40 න් 36 ක් Liaoning පළාතේ වූ අතර ඒවා Liaoning Rural Commercial Bank නම් බැංකුව විසින් පවරා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39