චීන බලපෑම අවම කරන්න ඉන්දියාවෙන් ලංකාවට විදුලිය දෙන්න සැලසුමක්

දෙරට අතර විදුලි සම්ප්‍රේෂණ ජාල සම්බන්ධ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ එමගින් දිවයිනට ඇති චීන බලපෑම් අඩුකිරීමට ඉන්දියාවට අවස්ථාවක් ලැබෙන බවයි. ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

දෙරට බලධාරීන් අතර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ ද එමගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් නොලැබෙන බව සඳහන්. වසර ගණනාවක් ගතවිය හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ද දෙරට අතර අදහස් හුවමාරු කරගෙන තිබු බවට මිට පෙර මාධ්‍ය වාර්තා කර සිටියා.

“එම සාකච්ඡා පවතින්නේ ඉතාම මූලික අවදියේ,” විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා රොයිටර්ස් පුවත් සේවය ට පවසා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් හෙළිකර තිබුනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17