චීන ජාතිකයා අවසන් ගමන් යැවූ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චීන ජාතිකයන් දෙදෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඖෂධ මිගාර මහතා නියෝග කර තිබෙනවා.

ඒ අද (06) කොළඹ අපරාධ කො⁣ට්ටාසය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය ඉදිරිපත් කල අවස්ථාවේ දීයි.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාස සඳහන් කලේ මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි.

හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කල සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවේදි සාක්ෂිකරුවන් විසින් හඳුනා ගත්තා.

සැකකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට සැකකෙරෙන අදාළ වින්දිතයාගේ මළසිරුර ඊයේ ඉකුත් ජුලි (23) ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳුකැලෑවක සඟවා තිබියදී සොයාගන්නා ලැබුවා.

චීන ජාතිකයන් තිදෙනෙක් අලුයම් කාලයේදී මසුන් ඇල්ලීම සඳහා කැබ් රථයකින් කොළඹ වරාය නගරය ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එහිදී වෙනත් රථ දෙකකින් පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක් මොවුන්ට පහරදී, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබණා.

සැකකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයක් අතහැර දමා ගොස් තිබූ අතර, පසුව එම රථයේ තිබී වායු පිස්තෝලයක් (Air gun) ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අතරතුර, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා කරඳන, ගෙට්ටුකඩ ප්‍රදේශයට ගොස් සිටි ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසකට අසල වූ කැලෑවක සැකකටයුතු ලෙස ගොඩගසා තිබූ ගල් ගොඩක් දැකගැනීමට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී මිනිස් අතක කොටසක් ලෙස පෙනෙන යමක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී එම සිරුරු කොටස් චීන ජාතිකයෙකුගේ බවත්, ඔහු කොළඹ වරාය නගරයෙන් පැහැරගනු ලැබූ පුද්ගලයා බවත් තහවුරු වුණා.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර අවිස්සාවේල්ල රෝහල වෙත ගෙනයනු ලැබුවා.

මළසිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඝාතකයන් විසින් වින්දිතයාගේ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා එම රථය භාවිතා කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රටින් පළායෑමට උත්සාහ කරමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන පැය 48 රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59