චීන ජාතිකයා අවසන් ගමන් යවන්න චීන්නු පිරිස දුන් ගේමේ වතගොත එළිවෙයි

කොළඹ වරාය නගරයේ දී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙක්ගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී ඊයේ (23) සොයාගැනුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙක් මෙරටින් පළායාමට උත්සාහ දරමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.

චීන ජාතිකයාගේ මල සිරුර රැගෙන ආ බවට සැක කෙරෙන චීන ජාතිකයින් තිදෙනා පැමිණ අතහැර දමා ගිය බව කියන සුඛෝපභෝගී නවීන ප්‍රාඩෝ වර්ගයේ රථයක් පාදුක්ක පහල බෝපේ මංසන්ධියේ තිබී ඊයේ (23) දින සවස හමු වූ බව පාදුක්ක පොලිසිය පවසනවා.

එම රථය අදාල ස්ථානයේ නවත්වා චීන ජාතිකයින් තිදෙනෙක් එම ස්ථානයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක නැගී කොල්ලුපිටිය දෙසට ගොස් ඇති අතර එලෙස එම චීන ජාතිකයින් ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියදුරු ද කොල්ලුපිටිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

එම ස්ථානයට පැමිණි පොලිස් ඇගිලි සටහන් නිළධාරීන් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකළ අතර එහිදී අදාල රථය තුල ලේ පැල්ලම් විශාල ප්‍රමාණයක් දක්නට නිරීක්ෂණය වූ බවද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted