චීන ජනපති හමුදා ප්‍රධානීන් ඉවත් කිරීම තුළින් පෙන්වන කොමියුනිස්ට් පක්ෂයේ ගැඹුරු අර්බුදය

චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව අධීක්‍ෂණය කිරීමට වගකිව යුතු ප්‍රමුඛ පුද්ගලයන් දෙදෙනෙකු වන ජෙනරාල් ලී යුචාඕ සහ දේශපාලන කොමසාරිස් Xu Zhongbo චීන ජනපති විසින් මෑතදී නෙරපා හැරීම, ෂී ජින්පිංගේ පාලන තන්ත්‍රයේ ගැඹුරින් සිදු වූ බිඳීම් හෙළිදරව් කරන්නක් බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම පෙර නොවූ විරූ දෙදරීම චීන කොමියුනිස්ට් පක්ෂයට,එරට මිලිටරි නවීකරණයට සහ ජාත්‍යන්තර ගතිකත්වයට ඇති විය හැකි ඇඟවුම් ඉස්මතු කරමින් තිබෙන බවයි.

මහජන විමුක්ති හමුදාවේ රොකට් බලකායේ අණ දෙන නිලධාරියා වූ ජෙනරාල් ලී යුචාඕ සහ දේශපාලන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ෂු ඔවුන්ගේ තනතුරුවලින් හදිසියෙන් ඉවත් කිරීම ප්‍රශ්න රාශියක් මතු කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම සේවයෙන් පහ කිරීමට මාස කිහිපයකට පෙර සිටම මහජනයා ඉදිරියේ පෙනී නොසිටි අතර, ඔවුන් පිටත්ව යාමට හේතු අබිරහසකින් වැසී ඇති බවයි විචාරකයින් පවසන්නේ.

ඔවුන් වෙනුවට, මීට පෙර නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් වැන්ග් හූබින් නව අණ දෙන නිලධාරියා ලෙස පත් කරන ලද අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභූ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු වන ෂු ෂිෂෙන්ග් දේශපාලන කොමසාරිස්වරයා ලෙස උසස් කරන ලදී.කිරීමට ජින්පින්ගේ පාලනය පියවර ගෙන තිබුණා.

රොකට් බලකායේ පූර්ව අත්දැකීමක් නොමැති පිටස්තරයින් තෝරාගැනීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර අරගලය සහ විකාශනය වන මිලිටරි භූ දර්ශනයේ ඵලදායී ලෙස සැරිසැරීමට ඇති හැකියාව පිලිබඳ කැලඹීමක් මෙන්ම සැකයක් මතු කරන බවයි විචාරකයින් පවසන්නේ.

විශේෂඥයන් තර්ක කරන්නේ චීනයේ න්‍යෂ්ටික හැකියාවන් සහ බැලස්ටික් මිසයිල සඳහා වගකියන ශාඛාවක් වන රොකට් බලකායට නිශ්චිත විශේෂඥතාවක් නොමැති පුද්ගලයින් තෝරාගැනීම, එක්සත් ජනපදය සහ රුසියාව වැනි ස්ථාපිත න්‍යෂ්ටික බලවතුන්ට අභියෝග කිරීමේ පාලන තන්ත්‍රයේ යුද සටන් සූදානම සහ එහි අභිලාෂයන් යටපත් කිරීමට හැකියාවක් ඇති බවයි.

චීන පාලනයට සම්බන්ධ අයෙකු කැපී පෙනෙන ලෙස ජනතාව හමුවට නොපැමිණීම සහ ජෙනරාල් ලී සහ ෂු ඉවත් කිරීම විශාල රටාවක කොටසක් ලෙස හැඬුවා දෙන විශ්ලේෂකයින් ,මෑත මාසවලදී රොකට් බලකායේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවට වාර්තා මගින් පෙනී යන්නේයැයි පවසනවා.

විශේෂයෙන්ම, හමුදාවේ හිටපු නියෝජ්‍ය අණ දෙන නිලධාරියෙකු වූ ජෙනරාල් වූ ගුඕහුවාගේ පැහැදිලි කළ නොහැකි මරණය, සිදුවිය හැකි දූෂණ හෝ සංවේදී හමුදා තොරතුරු කාන්දු වීම පිළිබඳ අනුමාන කිරීමට හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි.

විශේෂයෙන් රුසියාවේ වැග්නර් කැරැල්ලෙන් පසුව, මෙම වර්ධනයන්ගේ කැපී පෙනෙන තත්ත්වයක් දක්නට ලැබෙන අතර නිරීක්ෂකයින් ෂී ජින්පින්ග්ට ව්ලැඩිමීර් පුටින් සමඟ ඇති සමීප සබඳතාව පෙන්වා දෙමින් පවසන්නේ රුසියානු සිද්ධිය ෂී කම්පනයට පත් කළ හැකි යැයි අනුමාන කරන බවයි.

චීන කොමියුනිස්ට් පක්ෂය තුළ වේගවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට එය හේතු වන්නට ඇති බවට ද ඔවුන් සක පළ කරනවා.

මෙම වර්ධනයන් අනුව, චීනයේ මිලිටරියේ අනාගත ගමන් පථය, එහි ජාත්‍යන්තර හැසිරීම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරත්වය පිලිබඳ ප්‍රශ්න මතු කරන බව විචාරක අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40
Video thumbnail
එක පෑන් පාරෙන් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න - නිලධාරින්ට දඬුවම් දෙන්න
08:51
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23