චීන ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කළ ආර්ථික විද්‍යාඥයෙක් අතුරුදන්

කෙටි පණිවිඩ යැවීමේ යෙදවුමක් හරහා ෂී ජින්පින් රටේ ආර්ථිකය හසුරුවන ආකාරය විවේචනය චීනයේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු අතුරුදහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇති Zhu Hengpeng ප්‍රමුඛ චින්තන පර්ෂදයක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

චීන නිලධාරීන් විසින් රඳවා තබාගෙන විමර්ශන කිරීමෙන් අනතුරුව ඔහු දැරූ තනතුරෙන් පසුගිය දා ඉවත් කෙරුණා.

ඔහු අතුරුදන් වී ඇත්තේ ඉන් අනතුරුවයි.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව, WeChat හි පුද්ගලික සමූහ සංවාදයකදී ඔහු චීන ජනාධිපතිවරයාගේ තීන්දුව විවේචනය කළ බව කියනු ලබන අතර, එය ඔහුව විමර්ශනයට ලක් කිරීමට හේතු වී තිබෙනවා.

අප්‍රේල් මාසයේ සිට ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, ඔහුගේ අතුරුදහන් වීම විසම්මුතිය මර්දනය කිරීමේ ෂී ගේ උත්සාහය සමග සමපාත වනවා.

ඔහුගේ භූමිකාවෙන් ඉවත් කිරීමට පෙර, ෂු මහතා පාලක කොමියුනිස්ට් පක්ෂයට ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් දීමේ වගකීම දරන, රජයේ පාලනය යටතේ ඇති චීන සමාජ විද්‍යා ඇකඩමියේ ආර්ථික විද්‍යා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16