චීන ආයුධවලට පකිස්ථානය ආර්ථිකය උකස් කරයි

පකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීරය සහ ගිල්ගිට්-බල්ටිස්තානය ඇතුළු පකිස්ථානයේ ප්‍රදේශ මෑත කාලයේ ආර්ථික අර්බුදවලට හා ප්‍රචණ්ඩත්වයට දරුණු ලෙස මුහුණ දී තිබෙනවා.

ඒ, මධ්‍යයේ රටේ ආර්ථික ප්‍රමුඛතා අවුල් සහගතව පවතින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ආර්ථික අර්බුධය සමග පකිස්ථානය චීනයේ පිහිට පතන අතර, මේ වනවිටත් චීනයට පකිස්ථානය ඩොලර් බිලියන ගණනක් ණය වී සිටිනවා.

පකිස්ථානය මෙම ණය කළමනාකරණය කරන එක් ක්‍රමයක් වන්නේ චීනයෙන් ආයුධ මිලදී ගැනීමයි.

පකිස්ථානය විසින් මෙම අධික ලෙස ආයුධ මිලදී ගැනීම නිසා අවි ආයුධ සඳහා චීනය මත යැපීම වැඩි වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

2009 සහ 2013 අතර සියයට 51ට සාපේක්ෂව 2019 සිට 2023 දක්වා කාලය තුළපකිස්ථානයෙන් ආයුධ ආනයනයෙන් සියයට 82ක් චීනයෙන් සිදු වූ බව නවතම දත්ත පෙන්වා දෙනවා.

මෑතක දී චීනය හැන්ගෝර් පන්තියේ සබ්මැරීන දියත් කරන ලද අතර, එය 2028 වන විට පකිස්ථානයේ දිය යට වැඩි දියුණු කිරීම සඳහා පකිස්ථානය නාවික හමුදාව සඳහා මිලදී ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පකිස්ථානය චීනයේ ආයුධ සැපයීමේ ප්‍රධාන වෙළඳපොලක් බවට පත්ව තිබෙනවා.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) වාර්තාවකට අනුව, චීනයේ ආයුධ අපනයනයෙන් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක් පකිස්ථානයට ලැබෙන බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, පකිස්ථානය ගෝලීය වශයෙන් ආයුධ ආනයනය කරන පස්වන විශාලතම රට බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්ථානය සහ චීනය අතර මෙම ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ කනස්සල්ලට හේතු වීම විශේෂත්වයක්.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අධික හමුදා වියදම් ඌන සංවර්ධිත ආර්ථිකයන්හි ආර්ථික වර්ධනයට දායක නොවන බවයි.

ඒ, වෙනුවට අධ්‍යාපනය, යටිතල පහසුකම් සහ රැකියා උත්පාදනය සඳහා වියදම් කිරීමෙන් වැඩි ප්‍රතිලාභ ලැබෙනු හිමිවනු ඇති.

නිදසුනක් වශයෙන්, අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම පාසල් ඉදිකිරීම, ගුරුවරුන් බඳවා ගැනීම සහ අනාගතය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීම ඇතුළත් වනවා.

අනෙක් අතට, ආයුධ මිලදී ගැනීම හෝ චීනය සමඟ පර්යේෂණ සහ සංවර්ධන සහයෝගීතාවන්හි නිරත වීම සමාජ-ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු ලෙස දායක නොවන නමුත් කලාපීය ආතතීන් වැඩිකරන බවයි ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41