චීන ආධිපත්‍යය බිඳ දමමින් දකුණු කොරියාව නැව් ඇණවුම් අතින්  අංක එකට එයි

දකුණු කොරියානු නැව් නිෂ්පාදකයින් පෙබරවාරි මාසයේදී ගෝලීය ඇණවුම්වලින් සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා.

විශ්ලේෂකයින් පවසන්නේ මෙම තත්ත්වය හමුවේ  චීනය සහ දකුණු කොරියාව අතර මෙම අංශයේ තරගකාරීත්වය වඩාත් තීව්‍ර වී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ලැබී ඇති නැව් ඇණවුම් ප්‍රමාණය  25% කින් පමණ පහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය නැව් තැනීමේ සහ නැව් වෙළඳපළ විශ්ලේෂණ සමාගමක් වන Clarksons Research සමාගම පෙන්වා දෙනවා.

පෙබරවාරි මාසයේ දී දකුණු කොරියාවට නැව් ඇණවුම් 34ක් ලැබී ඇති අතර එය පෙබරවාරි මාසයේ සමස්ත ඇණවුම්වලින් සියයට 74% ක ප්‍රමාණයක්.

එම මාසයේ දී චීනයට ලැබී තිබුණේ නැව් ඇණවුම් 09ක් පමණයි.
 
එය සමස්ත ඇණවුම්වලින් සියයට 8 කට ආසන්න වනවා.

ජනවාරි මාසයේ දී එය පැවතියේ දකුණු කොරියාවට සිට 33ක ඇණවුම් ප්‍රමාණයක් සහ චීනයට සියයට 45ක ඇණවුම් ප්‍රමාණයක් ලෙසයි.

චීන නැව් නිෂ්පාදකයින් වැඩි අවධානය යොමු කරන සාමාන්‍ය බොරතෙල් සහ තොග ප්‍රවාහන නෞකා සඳහා පෙබරවාරි මාසයේදී ලැබී තිබුණේ ඉතා අඩු ඇණවුම් ප්‍රමාණයක්.

එම මාසයේ දකුණු කොරියාවට වැඩි ඉල්ලුමක් ලැබී තිබුණේ ඉහළ වටිනාකමක් ඇති සහ පරිසර හිතකාමී යාත්‍රා සඳහායි.

එය ඔවුන්ට වැඩි වාසිදායක තත්ත්වයක් අත්කර දී තිබෙනවා.

සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ නාවික ගෘහ නිර්මාණ ශිල්පය සහ සාගර ඉංජිනේරු අංශයේ මහාචාර්ය වූ ජොන්ග්-හන්ග් පවසන්නේ රට පුරා නැව් තැනීමේ කර්මාන්තය සංසන්දනය කිරීමේදී මාසික වෙළඳපළ කොටස්වල උච්චාවචනයන් එතරම් වැදගත්කමක්  නොදක්වන බවයි. 

නැව් ඇණවුම් කිරීමේ වෙළඳපොළ සහජයෙන්ම ඉක්මනින් වෙනස් වන සුළුවීම එයට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්,ඔහු පෙන්වා දෙන්නේ  චීනයට අඩු ඇණවුම් සහ කොරියාවට වැඩි ඇණවුම් අඛණ්ඩව ලැබෙනු ඇතැයි මින් අදහස් නොකෙරෙන බවයි.

“ඉදිරියට බලන විට, ප්‍රමාණය අනුව චීනයේ ආධිපත්‍යය අපේක්ෂා කරන්න පුළුවන්.දේශීය හා ජාත්‍යන්තර නැව් භාණ්ඩ ප්‍රවාහනය ඇතුළුව චීනයේ දේශීය වෙළඳපොල ඉතා විශාලයි. කොරියාවේ වෙළඳපළ තත්ත්වයන් බොහෝ දුරට රඳා පවතින්නේ  අපනයන මතයි”  යැයි මහාචාර්ය වූ  ප්‍රකාශ කළා.

එබැවින්, දකුණු කොරියාව එහි සංසන්දනාත්මක වාසිය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එකම වර්ගයේ නැව් සමඟ සෘජුවම චීනය සමඟ තරඟ කිරීම වෙනුවට ලාභය වැඩිකර ගත හැකි ඉහළ අගය එකතු කළ නැව් තැනීමේ හැකියාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02