චීනේ යන්නේ පරිස්සමෙන් – තායිවානයෙන් අනතුරු ඇඟවීමක්

සංචාරක කණ්ඩායමක් සමග ගමන් කළ පුරවැසියෙකු මෙම සතිය මුල දී චීනයේ කෙටි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු චීනයේ සංචාරය කරන තායිවාන ජාතිකයන්ට ප්‍රවේශම් වන ලෙස තායිවානයේ මේන්ලන්ඩ් කටයුතු කවුන්සිලය උපදෙස් දී ඇති බව තායිවාන පුවත් වාර්තා කරනවා.

තායිවානයේ MAC පැවසුවේ සිය රටවැසියාගෙන් චීන බලධාරීන් ප්‍රශ්න කළේ මන්දැයි තවමත් චීනයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.

චීනයට පැමිණෙන තායිවාන ජාතිකයන් එහි මාර්ගගත වේදිකාවේ ලියාපදිංචි වීම අනිවාර්ය බව MAC සභාපති Chiu Chui-cheng පවසනවා.

මෙම සිදුවීම නැන්ජිං ප්‍රදේශයේ සිදු වී ඇති බව ඇතැම් වාර්තා පෙන්වා දී ඇති අතර සංචාරක කණ්ඩායම පොත් ප්‍රදර්ශනයකට පැමිණෙමින් සිටියදී සංචාරකයා රඳවාගෙන ඇතැයි තායිවාන පුවත් වාර්තා කර තිබුණා.

නම හඳුනාගෙන නොමැති සංචාරකයා, ඔවුන්ගේ සංචාරක කණ්ඩායමෙන් වෙන් කර නිදහස් කිරීමට පෙර දින කිහිපයක් රඳවා තබා ගෙන ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

සමහරවිට ඔහු මීට පෙර චීනය “සංවේදී” ලෙස සලකන කර්මාන්තයක සේවය කර ඇති නිසා විය හැකි යැයි වාර්තා කරන මාධ්‍ය ඔහු ආරක්ෂිත ව තායිවානයට පැමිණ ඇති බව ද පවසනවා.

තායිවාන සංචාරක කණ්ඩායමක සාමාජිකයෙකු මේ වසරේ දී චීනයේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

තායිවානයේ MAC සංචාරක කණ්ඩායම් සහ මාර්ගෝපදේශකයන්ට චීන බලධාරීන් විසින් ප්‍රශ්න කිරීමට හෝ රඳවා තබා ගැනීමට සංචාරක සාමාජිකයින් සම්බන්ධ ඕනෑම සිදුවීමක් වහාම වාර්තා කරන ලෙස උපදෙස් දුන් බව Taiwan News වාර්තා කරනවා.

MAC හි උපදේශනය පැමිණෙන්නේ ජූනි 15 වන දින Xiamen හි පැවැත්වෙන Straits Forum එකට සතියකට පෙරයි.

Yunlin සහ Kinmen හි ප්‍රාන්ත මහේස්ත්‍රාත්වරුන් ඇතුළු තායිවාන රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වීමට MAC හි අනුමැතිය සඳහා ඉල්ලුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56