මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේ දී චීන ජාතිකයින් 114 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැකපිට මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කුණ්ඩසාලේ ප්‍රදේශයේ සුඛෝපභෝගී බංගලාවක රැඳී සිටිය දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 120ක් ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණක 15ක් සහ ජංගම දුරකථන 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොවුන් පිරිස අදාළ බංගලාවේ කාමර 47ක් වෙන්කරගෙන රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ
මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් මොවුන් පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.













