චීන්නු ලංකාවේ තරුණියන්ට සිදුකළ කැත වැඩක් හෙළිවෙයි

ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි චීන ජාතිකයන් ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් අරඹා ඇත.

මේ අයුරින් රැගෙන ගොස් ගණිකා ජාවාරමට යෙදවූ ශ්‍රී ලාංකික තරුණියන් දස දෙනකු ගැන දැනටමත් තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය.

දුගී පවුල්වල සිටින රූමත් තරුණියන් තෝරාගෙන ඔවුන් සමග විවාහ වීමෙන් පසු චීනයට රැගෙන ගොස් රාත්‍රී සමාජ ශාලාවල රස්සාවලට යොදවා ඇතැයි හෙළිවී තිබේ.

හොරණ ප්‍රදේශයේ තරුණියක විවාහ කරගෙන චීනයට රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ ලද තොරතුරු ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

විදේශ ජාතිකයකු විවාහ කර ගැනීමට කැමැති ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන වාර්තා ලබාගත යුතු වන බවට ශ්‍රී ලංකා රජය නව චක්‍රලේඛයක් නිකුත් කළේද මෙවැනි ක්‍රියාකාරකම් නිසා බව ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කළේය.

අන්තවාදී ආගමික අදහස් පතුරුවන්නේ විදේශ සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන්නන් හා අන්තර්ජාල මූල්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන්ද ශ්‍රී ලාංකික කතුන් විවාහ කරගෙන මෙරට රැඳී සිටීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් හෙළිවීමෙන් පසු මෙම තීරණයට එළැඹී බව හෙතෙම සඳහන් කළේය.

නයිජීරියානු මූල්‍ය ජාවාරම්වලට හසුවූවන් කිහිපදෙනකුම ශ්‍රී ලාංකික කතුන් විවාහ කරගෙන මෙරට රැඳී සිටීමේ වීසා ඉල්ලා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මීට අතරව අන්තවාදී ආගමික මත පතුරවන ඉන්දියානුවකු ශ්‍රී ලාංකික කතක විවාහ කරගෙන මෙරට නේවාසික වීසා ඉල්ලා සිටින බවත් මෙවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් නිසා මෙම තීරණය ගත් බවත් ආරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය

  1. ඔය පටන් ගත්තා විතරයි. චීන්නු ලංකරගත් විපාක තව ඉස්සරහට.1953 ට පස්සෙ ඇමරිකන් කාරයෝ බැඳගෙන එහෙට ගිය කොරියානු කාන්තාවන්ට වූ දේවල් වලට වඩා මහා කරදර ගොඩක් වෙනවා අපේ කාන්තාවන්ට චීන්නු නිසා.මෙය අපේ රටේ කාන්තාවන් ඉතා ඉක්මනින් තේරුම් ගත යුතුය.

  2. චින්නු විතරක් නොවෙ..පකිස්තානුවන්..බංංගලදේශි ජාතිකයන් ඉන්දියානුවන් බින්න බැහැලා ඉවරයි.. දැන් අපෙ රටෙ ඉඩම් මිලදි අරගෙන ව්‍යාපාරත් කරනවා..මේවට වගකිවයුත්තේ අපෙ රටෙ විදේශගත වන ශ්‍රී ලාංකික කාන්තාවන්..ඔවුන් පිටරටවල් වල විවාහ වෙලා ඔවුන් ව මේ රටට ගෙන එනවා..එ නිසා මේවාට රජයන් නිසි පියවර ගත යුතුයි…පුරවැසිභාවය මොවුන්ගෙ අහෝසි කල යුතුයි.