චීන්නුන්ගේ මත ගැටුමකින් බ්‍රිතාන්‍යයේ වීදි කලා නිර්මාණයක් වැනසෙයි

වීදි චිත්‍ර සඳහා ප්‍රසිද්ධ ලන්ඩනයේ බ්‍රික් ලේන් (ගඩොල් පටුමග) හි ,චීන ප්‍රජාතන්ත්‍රවාදී ගැති ආධාරකරුවන් සහ ජනාධිපති ෂී ජින්පින්ග්ගේ පාලනයට පක්ෂපාතී පිරිස් අතර නවතම ගැටුමක දර්ශන දක්නට ලැබෙන බව වොයිස් ඔෆ් ඇමෙරිකා වාර්තා කරනවා.

එක් පිරිසක් වීදි චිත්‍ර බිත්තියෙහි කොටසකට සුදු හුණු ගා පසුව චීන භාෂාවෙන් අකුරු දෙකේ වචන 12ක කට්ටලයක් තීන්ත මගින් ආලේප කර තිබුණේ ඉකුත් සෙනසුරාදා අලුයම් කාලයේයි.

ඊට ඇතුළත්ව තිබුණේ “ප්‍රජාතන්ත්‍රවාදය, සභ්‍යත්වය, නිදහස, සමානාත්මතාව, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය යන වචනයි.

ෂී ජින්පින්ග්ගේ පූර්වගාමියා වූ Hu Jintao විසින් ප්‍රථමයෙන් ප්‍රකාශ කරන ලද සහ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පසුව වැළඳ ගන්නා ලද “ප්‍රධාන සමාජවාදී වටිනාකම්” අරුත් ගැන්වෙන ,සුදු පසුබිමක පින්තාරු කරන ලද විශාල රතු චීන අක්ෂර සඳහා එම සති අන්තයේ වර්ණනාත්මක ප්‍රතිචාර හිමිව තිබුණා.

එතැන් සිට ඉදිරිපත් වූ බොහෝ සටන් පාඨ මගින් ප්‍රකාශ වී තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂ විරෝධී හැඟීම්.

එම සටන් පාඨකරුවන්ට නායකත්වය දුන් චීන ශිෂ්‍යයෙකුට මරණ තර්ජන ද එල්ල වී ඇති බවයි පැවසුණේ.

මුල් සටන් පාඨවලට අන්තර්ජාලය හරහා සෘණාත්මක අදහස් ආකර්ෂණය වීමත් සමඟ ‘උයිගර්වරුන්ට නිදහස ‘ සහ ‘ටිබෙටයට නිදහස ‘ වැනි බීජිං පාලනයට එරෙහි විවේචනාත්මක අදහස් දැක්වීමට තවත් පිරිසක් ගඩොල් පටුමග වෙත පැමිණ තිබුණා.

1989 ටියන්මන් චතුරශ්‍රයේදී සිදු වූ සමූලඝාතනය ගැන ලේ වැකි ද ඔවුන් සඳහන් කර තිබූ බව වොයිස් ඔෆ් ඇමෙරිකා වාර්තා කර තිබුණා.

ජනප්‍රිය වීදි චිත්‍ර ශිල්පියෙකු වන මාටි වෙනුවෙන් ඔහුගේ සෙසු චිත්‍ර ශිල්පියෙකු සහ මිතුරෙකු වන බෙන්සි බ්‍රෝෆ්මන් විසින් පින්තාරු කරන ලද රූප ද සටන් පාඨවලින් වැසී ගොස් තිබු අතර ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් බ්‍රොෆ්මන් පැවසුවේ කෘති මත වෙනත් පින්තාරු කිරීම් සිදු වීම වීදි කලා සංස්කෘතියේ කොටසක් බවයි.

සඳුදාට යෙදී ඇති මාටිගේ උපන් දිනය වෙනුවෙන් නව කලා කෘති නිර්මාණය කිරීමට තමා අවධානය යොමු කර ඇති බවත් එමනිසා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම කාලය හා ශක්තිය නාස්ති නොකිරීමට කැමති බවත් බ්‍රොෆ්මන් ප්‍රකාශ කර තිබුණා.

මේ අතර ඕස්ට්‍රේලියාව පදනම් කරගත් චීන දේශපාලන කාටූන් ශිල්පී Badiucao සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ වීදි කලාව “අමුතු වැඩ කොටසක්” බවයි.

මෙහි කතා බහට ලක්වන සටන් පාඨකරුවන් දේශප්‍රේමී හෝ උපහාසාත්මක වීමට උත්සාහ කළේද යන්න නොසලකා, Badiucao පැවසුවේ වීදි කලාව වෙනුවෙන් සැබෑ පිරිවැය දරනු ලැබූවේ ඔවුන් විසින් නොවන බවත් මෙවැනි සැබෑ නිර්මාණ සඳහා සති හෝ මාස ගණනක් වෙහෙස මහන්සි වූ දේශීය වීදි කලාකරුවන් විසින් බවයි.

“ග්‍රැෆිටි යනු නිදහස් අදහස් ප්‍රකාශ කිරීම නොවේද සහ සියලුම කලා කෘති අවසානයේ නව ඒවා මගින් ආවරණය නොවේද කියා කෙනෙක් අහන්න පුළුවන් . ඔව්, ඇත්තෙන්ම වීදි චිත්‍ර හරියට මධුපානොත්සවයක් වගේ. නමුත් වීදි කලාකරුවන් අහඹු ලෙස වෙනත් කලා නිර්මාණ ආවරණය කරමින් තමන්ගේ නිර්මාණ සිදු කරන්නේ නැහැ,” යන්න ඔහුගේ අදහසයි.

ඇතැම්විට බොහෝ දෙනෙකුගේ නෙත ගැටුණු බැවින් මෙම ක්‍රියාව සාර්ථක බව ඔවුන්ගේ අදහස විය හැකි බවද Badiucao පවසනවා.

වොයිස් ඔෆ් ඇමෙරිකා වාර්තා කර තිබුණේ Yi Que නමින් අත්සන යෙදූ ,රාජකීය කලා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන Wang Hanzheng, මෙම චීන පාලනයට ගැති ග්‍රැෆිටි නිර්මාණය කළ බවයි.

කෙසේ වෙතත් සියල්ල අවසානයේ මෙහි පාඩුව විඳ දරා ගැනීමට බල කෙරෙන්නේ දේශීය කලාකරුවන්ට බව Badiucao පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00