චීන්නුන්ගේ ඉවසීමේ සීමාව පනියි

ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසය පිළිබඳව තිබූ අවධානය අවප්‍රමාණය වීමේ ප්‍රතිවිපාක මේ වන විට චීනය අත්විඳිමින් සිටියි. ඒ ෂැංහයි නගරයෙන් පමණක් දිනකට නව ආසාදිතයින් 25,000ක් පමණ හඳුනා ගන්නා පසුබිමකය. ඊට අමතරව දිනකට කොවිඩ් මරණ දෙක තුනක් සිදුවන බව වාර්තා වුවද එය ඊට වැඩි සංඛ්‍යාවක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එම මරණ වෙනත් රෝගවලින් සිදුවන මරණවලට බැර කෙරෙන බව චීනය තුළ පවා නොරහසකි.

චීනයේ විශාලතම නගරයේ එක් රෝහලක් තුළ පමණක් පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් 27 දෙනකු මිය ගිය බව එම රෝහල් කළමනාකරු තහවුරු කළ ද, බලධාරින් ඒ පිළිබඳව පැවසුවේ ඔවුන් විවිධ රෝගාබාධ හේතුවෙන් මිය ගිය බවයි. එසේ මියගියවුන් ගේ ඥාතීන් වෙත රෝහල් අධිකාරිය දන්වා ඇත්තේ විශේෂඥ දැනුම පිළිබද හිඟය හේතුවෙන් මෙම මරණ සිදු වූ බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවත්ය. ඔවුන් කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් පෙනහළු හානි වී ඇති බව ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ජීවිතය බේරා ගත් එක් කෝවිඩ් රෝගියකු පැවසුවේ තමන් සිටි කාමරයේ කොවිඩ් රෝගීන් හය දෙනකු අතරින් පස් දෙනකුම මිය ගිය බවයි.

කෙසේවුවත් ආසාදිතයින් හඳුනා ගනු ලබන නගර පිටින් වසා දැමීමට චීනයේ(ලොක් ඩවුන් කිරීම) බලධරයින්ට සිදු වී ඇත. වසංගතය ආරම්භ වීමෙන් පසු එරට ඇති වූ දරුණුතම කොවිඩ් රැල්ල මෙය ලෙස සැලකේ. චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය නිව්යෝර්ක් නගරය මෙන් තුන් ගුණයක් විශාල නගරයක් වන ෂැංහයි නගරය අඛණ්ඩව සති තුනක් මේ වන විට වසා දමා තිබේ . එහි මිලියන 26ක් මේ වන විට නිවෙස් වෙතටම සීමා කර ඇත. ඒ නිසාම මිලියන ගණන් ජනතාව එක්වරම ඔවුන්ගේ නිවෙස් තුළ රඳවා තබා ඇති අතර සෑම ආසාදිතයකුම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ. මෙම තත්ත්වය තුල නිරෝධායන මධ්‍යස්ථාන සපයා ගැනීමේ දැඩි අර්බුදයකට බලධාරීන් මුහුණ දීමට සිදුව තිබේ. මෑත සතිවල නගරයේ ප්‍රදර්ශන ශාලා සහ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර තාවකාලික රෝහල් පිහිටුවා ඇත.

හදිසියේ මුහුණ දීමට සිදු වූ මෙම වාතාවරණය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා චීන ජනතාව සිය අපහසුතාව සහ විරෝධය පළ කරමින් සිටී. විශේෂයෙන් ජනතාවට දැඩි ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වී ඇත්තේ බලධාරීන්ගේ පෙර සූදානමක් නොමැති කමින් බවට ජනතාව චෝදනා කරති. එම අවශ්‍යතා සපුරාලීමට රාජ්‍ය යාන්ත්‍රණයද අසමත් වී ඇති බව සඳහන්ය.

නැවත හිස ඔසවන කොවිඩ් වෛරසය හමුවේ ආර්ථික ක්ෂේත්‍රය තුළද විශාල කැළඹීමක් මේ වන විට දක්නට හැකිය. මෙම කොවිඩ් රැල්ල හේතුවෙන් අවම වශයෙන් තාවකාලිකව හෝ චීනයේ කර්මාන්ශාලාවල නිෂ්පාදන අංශයේ කොටස් ඉක්මනින් වසා දැමීමට සිදුවනු ඇති බවට ඉඟි පළ කෙරේ. අනෙක් අතට මැයි මාසයේදී ෂැංහයිහි වැඩ නැවත ආරම්භ නොකළහොත් රට පුරා සියලුම මෝටර් රථ කර්මාන්තශාලා වසා දැමීමට සිදුවිය හැකිය. ජීවනෝපායන් අහිමිවීමත් දරා ගත නොහැකි පිරිවැයත් ආදී හේතු නිසා ජනතාව තුළ ඇති වී තිබෙන මානසික ව්‍යාකූලත්වයත් හේතුවෙන් සිදුවන පුද්ගල මරණ හා රෝගීන් සංඛ්‍යාව ගණනය කිරීමේදී පෙනී යන්නේ ඒවා ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ඉක්මවා යන බවයි. විශේෂයෙන් ආතතිය හේතුවෙන් දිවිනසා ගැනීමට සම්බන්ධ මරණ සිය ගණනක් මේ වන විට වාර්තා වෙමින් තිබේ.

මේ වන විට පවතින තත්ත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා වේගයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ ෂැංග්හායිහි ස්ථාපනය කෙරුණ නව කොවිඩ් ප්‍රතිකාර රෝහලක වෛද්‍යවරයකු විසිනි. ඔහු පවසන ආකාරයට මුළින් සාමාන්‍ය පරිදි කටයුතු කර ගෙන ගියත් දැන් දැන් තත්ත්වය නරක අතට පත් වෙමින් තිබේ. බොහෝ ආසාදිතයන් පවා මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීම චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය නිසා ඇති වූ නවතම තත්ත්වයයි. මේ හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ජනතාවය කෙරෙන් බැහැර වූ බව වෛද්‍යවරු පවසති.

ෂැංහයි නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වන සියලුම දෙනා පරීක්ෂා කිරීමට මෙන්ම බටහිර ප්‍රදේශය ඒ අතරතුර කාලය තුළද වසා දමමින් මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී. වුහාන් නගරය මෙන් ෂැංග්හයි නගරය පාලනයට නතු කර ගැනීම අපහසු වී ඇත්තේ එහි විශාලත්වය මෙන්ම චීනයේ ආර්ථිකයේ වැඩි ප්‍රතිශතයක් පදනම් වී ඇත්තේ එම නගරය මත වීමත් හේතුවෙනි. කෙසේ වුවත් මෙම තත්ත්වයට මුහුණ දීමට ෂැංග්හයි නගරයේ කිසිදු පෙර සූදානමක් නොතිබුණ බව පැහැදිලිය. ඒ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ පිහිටමින් කටයුතු කළ බැවිනි. මේ වන විටත් දරන උත්සාහය ප්‍රමාණවත් නොවන බව බලධාරීන් පවා පිළිගෙන හමාරය.

දැඩි කොවිඩ් පාලන රෙගුලාසිවලට එරෙහිව බොහෝ නගරයන්හි සංවිධානාත්මක විරෝධතා පැවැත්වෙනු දැකිය හැකිය. එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා කැරළි මර්දන පොලිසියටද මැදිහත් වීමට සිදුව තිබේ. ජනතාවට පනවා ඇති දැඩි සීමාවන් හැඳින්වීමට බලධාරීන් විවිධ යෙදුම් භාවිතා කර ඇති අතර “ස්ථිතික කළමනාකරණය” සහ “සංවෘත කළමනාකරණය” ආදී වචනවලින් හඳුන්වා දෙමින් 2020 මුල් භාගයේදී වුහාන් නගරය අගුලු දමා මුද්‍රා තැබීමෙන් පසු චීනය එහි බරපතලම අර්බුදයට මේ වන විට මුහුණ දෙමින් සිටී.

ලෝකයේ සෙසු රටවල් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ පොරබදද්දී, චීනයේ ජනාධිපති ෂී ජින්පින්ග් 2020 දී පැවසුවේ රට අගුළු දැමීම මඟින් වසංගතය පාලනය කිරීම සාර්ථක බවය. එම ක්‍රම වෛරසය සමඟ කටයුතු කිරීමේදී වඩාත්ම ප්‍රතිඵලදායී බව ය.ඒ අනුව චීනය හා හොංකොං ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට ප්‍රවිශ්ට විය.

හොංකොං පසුගිය වසර දෙක තුළ වසංගත පාලන සාර්ථකත්වයේ පෙරමුණ ගෙන සිටියේය. 2021 අවසන් වන විට මිලියන 7.5ක් වූ නගරයේ වාර්තා වී තිබුණේ රෝගීන් 12,650ක් පමණක් වන අතර මරණ වාර්තා වූයේ 220කට වඩා අඩුවෙනි.

මෙම සාර්ථකත්වය ඔවුන් අර්ථකථනය කළේ “ගතික ශුන්‍ය කොවිඩ්” උපාය මාර්ගයට අනුගත වීමේ ප්‍රතිඵලය ලෙසය. ඊට ඉක්මන් පරීක්ෂණ, සවිස්තරාත්මක සම්බන්ධතා සොයා ගැනීම, දැඩි නිරෝධායන නීති සහ දැඩි සංචාරක සීමාවන් ඇතුළත් විය.

එහෙත් ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වන ඔමික්‍රොන් ප්‍රභේදයේ පැමිණීමත් සමඟ නගරය දණින් වැටී ඇත. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මාස කිහිපයක් තුළ 66,000 ඉක්මවා ඇත.හොංකොං මේ වන විට දිනකට රෝගීන් 30,000 ක් සහ මරණ 200 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කරන්නේ මේ පරිසරය ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය තුළය.

චීනය “ශුන්‍ය-කොවිඩ්” ප්‍රතිපත්තියේ තවමත් ඇලී ගැලී සිටිය ද ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් වෛරසය සමඟ ජීවත් වීමට පෙළඹී තිබේ. එහෙත් මේ වන විට එය අභියෝගයට ලක්ව ඇති අතර චීන ජාතිකයන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බවක් ද පෙනෙන්නට තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56