චීනය ලංකාවේ හාරන වැව ගැන බලධාරියෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්!

පසුගිය ජුනි මස 20 වැනිදා චීනය ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් තිස්සමහාරාමයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබෙන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බවට හෙළිවී තිබෙනවා.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුර මනතුංග මහතා සිරස නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම වැව් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක්ද යොදවා ඇති බවයි.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහිදී පවසා තිබුණේ මෙවැනි ආකාරයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම්වලදී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ගැනීම අනිවාර්ය දෙයක් බවට පත්ව තිබුණත් බොහෝ කාලයක් තිස්සේ එම ක්‍රියාවලිය සිදු නොවන බවයි.

මෙලෙස ඉපැරැණි වැව් හාරන්නේ නම්, හානි ඇගයීම් පිළිබඳව වාර්තාවක් කළ යුතු බවත්, වැව් හැරීමේ කටයුතු පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

ක්‍රිස්තු පුර්ව 03 වැනි සියවසේ දී එකළ රුහුණු රාජධානියේ රජකම් කළ යටාලතිස්ස රජතුමා හෝ දේවානම්පියතිස්ස නිරිඳුන් විසින් මෙම වැව ඉදි කරන්නට ඇති බවට සැලකෙනවා. 

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා – චීන හවුල් සමාගමක් විසින් මෙම වැවේ රොන් මඩ සහ වැලි ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන විමුක්ති හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන පැමිණි සිටි අනන්‍යාතවය හෙළි නොවුණු පිරිසක් නිසා දැඩි මතභේදාත්මක සිදුවීම්ද වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58