චීනය රහසිගත දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් දියත් කරයි

චීන ඊජිප්තු ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රහසිගත දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ අරමුණින් පසුගියදා ගුවනට යොමු කර තිබෙනවා.

ඊජිප්තු ජාතිකයින් අතර අහසට අධිපති දෙවියන් ලෙස ප්‍රකට හෝරස් නම් දෙවියන්ගේ නාමය සහිතව මෙම චන්ද්‍රිකාව නම් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒ අනුව හෝරස් 1 චන්ද්‍රිකාව රැගත් long-march වර්ගයේ රොකට්ටුව ගුවන්ගත කර තිබුණේ ඊජිප්තුවේ ගෝබි කාන්තාරයේ පිහිටි ජිකුවාන් චන්ද්‍රිකාව දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී .රොකට්ටුව යොමු කර පැයකට පමණ පසු ව්‍යාපෘති බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ ගුවන්ගත කිරීමේ කටයුතු සාර්ථක බවයි.

චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ කටයුතු භාරව ක්‍රියාත්මක වන චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනයද ඒ බව නිල වශයෙන් නිවේදනය කර තිබුණා.හෝරස් 1 චන්ද්‍රිකාව දුරස්ථ සංවේදනය සඳහා නිර්මාණය කර ඇති අතර එය නිෂ්පාදනය කර තිබුණේ ද චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන් හෝ චීන රාජ්‍ය මාධ්‍ය වැඩිදුර විස්තර ලබා දී නැහැ.ඊජිප්තුවේ ජිකුවාන් මෙහෙයුම් මධ්‍යස්ථානය විසින්ද මෙම අභ්‍යවකාශ ගමන සාර්ථක බවට නිවේදනය කර තිබීම හේතුවෙන් විදෙස් වාර්තා අනුමාන කරන්නේ එය ඊජිප්තුවේ කටයුතු සඳහා ද දියත් කළ චන්ද්‍රිකාවක් විය හැකි බවටයි.

ඊජිප්තුව අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා උපුටා දක්වමින් ඊජිප්තු මාධ්‍ය ද ඒ බව වාර්තා කර තිබුණා.
තාරකා විද්‍යාඥයෙකු සහ අභ්‍යවකාශ දියත් කිරීමේ නිරීක්ෂකයෙකු වන ජොනතන් මැක්ඩොවෙල් සඳහන් කළේ දුරස්ථ සංවේදක චන්ද්‍රිකා තැනීම සඳහා ඊජිප්තුව මීට පෙර චීන අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ ඇකඩමිය සමඟ ගිවිසුම් ගතව සිටි බවයි. අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ සහයෝගීතාව මෑත කාලීනව එම දෙරට අතර වර්ධනය වූ බව ද අප්‍රිකානු වාර්තාවකින් පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත් මීට මසකට පමණ ඉහත දී දියත් කෙරුණු Zhongxing 26 චන්ද්‍රිකාව චීනයේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව වන අතර එය තත්පරයකට ගිගාබිට් 100කට වැඩි සන්නිවේදන ධාරිතාවකින් යුතු බවට චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.

2023 වසරේදී මෙවැනි ව්‍යාපෘති 60කට වැඩි සංඛ්‍යාවක් දියත් කිරීම සඳහා චීනය සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවම වශයෙන් අභ්‍යවකාශ යානා දෙසීයක් යොදා ගැනීමට චීනය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08