චීනය පිළිබඳ විවේචනාත්මක වාර්තාකරණයේ යෙදෙන බීජිංහි  මාධ්‍යවේදිනියන්ට තර්ජන

චීනය පිළිබඳ විවේචනාත්මක වාර්තාකරණයේ යෙදෙන සහ  විවේචනාත්මක අනාවරණයන් සිදු කරන මාධ්‍යවේදිනියන් හා පර්යේෂකයන් රට අපකීර්තියට පත් කරන බවට තැති ගන්වසුළු තර්ජනවලට ලක්වෙමින් සිටින බව  ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය පවසනවා.

පසුගිය වසර පුරා ආසියානු සම්භවයක් ඇති කාන්තා විශ්ලේෂකයින්ට එල්ල වූ හිරිහැර වැඩි වීම චීන රජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරයක ප්‍රතිඵලයක් විය හැකි බවයි  ඒ පිළිබඳ කරන  ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ.

වොෂින්ටනය පදනම් කරගත් ජාත්‍යන්තර කාන්තා මාධ්‍ය පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නදීන් හොෆ්මන් පවසන්නේ  මේ සම්බන්ධයෙන් කළ හැකි වන්නේ මෙම ප්‍රහාරවල බලපෑම අවම කිරීමට උපකාරී වන ලෙස ප්‍රවෘත්ති කාමරවල ශක්තිමත් ඩිජිටල් ආරක්ෂණ පියවර සහ  අපයෝජන වාර්තා කිරීමට හැකි මාර්ගගත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම බවයි.

මාධ්‍යවේදීන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ 2022 වාර්තාවකට අනුව එය සමීක්ෂණයට ලක් කළ මාධ්‍යවේදිනියන්ගෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා තර්ජනවලට මුහුණ දී තිබෙනවා.

ඔවුන්ගෙන් සියයට 30ක් කියා සිටියේ තමන් සමාජ මාධ්‍යවල ස්වයං වාරණයට පෙලඹුණු බවයි.

තවත් සියයට 20ක් සමාජ මාධ්‍යයන්හි පෝස්ට් දැමීම සම්පූර්ණයෙන්ම අත්හැර දැමූ බවත්  ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැමුන් කියා සිටියේ මෙම හිරිහැර නිසා තම රැකියාවෙන් හෝ වෘත්තියෙන් පවා ඉවත් වීමට සිදු වූ බවයි.
මෙම හිරිහැර කිරීම් බොහෝ දුරට  පෙනුම පිළිබඳ අපහාසවල සිට ද්‍රෝහියෙකු බවට චෝදනා කිරීම හෝ ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී දූෂණ තර්ජනය දක්වා විහිදී යන බවයි හෙළි වී ඇත්තේ.

මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ නිශ්ශබ්ද කිරීමට දේශසීමාවලින් ඔබ්බට ඒකාධිපති ආණ්ඩු විසින් මාර්ගගත ප්‍රහාර භාවිත කරන්නේ කෙසේද යන්න මෙම හිරිහැර නිදර්ශන සපයන බව හොෆ්මන් පවසනවා.

ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ ජූනි සහ නොවැම්බර් වාර්තාවලට අනුව ස්පැමොෆ්ලාජ් ලෙස ප්‍රකට ජාලයක් මෙම හිරිහැර කිරම් පිටුපස සිටින බවටයි සැක පළ වන්නේ.

“ස්පැමොෆ්ලාජ්” යනු 2019 දී ප්‍රථමයෙන් හඳුනාගත් බීජිං-සම්බන්ධිත සමාජ මාධ්‍ය  ගිණුම්වල පුළුල් ජාලයක්.

මෙම  ජාලයේ ක්‍රියාකාරකම් හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතා මෙන්ම තායිවානය, කොවිඩ් 19සහ සිංජියෑං හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කෙරෙහි අවධානය යොමු කර ඇති බවද  වාර්තා වනවා.

කෙසේ වෙතත් චීන රජය පවසන්නේ  චීනය කාන්තා කණ්ඩායම්වලට හිරිහැර කිරීම හෙළා දකින අතර සාක්ෂි නොමැතිව එය චීන රජයට සම්බන්ධ කිරීමට විරුද්ධ වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50