චීනය තවත් අභ්‍යවකාශ මෙහෙයුමකට සූදානම්

චීනයේ ෂෙන්චෞ 19 නම් ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය හෙට (30) පෙරවරු 4.27 ට දියත් කිරීමට නියමිත බව චීන මාධ්‍ය පවසනවා.

Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණ කළා.

මෙහෙයුම් මූලස්ථානයේ තීරණයට අනුව, Cai Xuzhe සහ Song Lingdong යන මහත්වරුන් මෙන්ම Wang Haoze මහත්මිය, ෂෙන්චෞ 19 අභ්‍යවකාශ යානයේ කාර්යමණ්ඩල ගගනගාමීන් ලෙස ක්‍රියාකරන බවත්, Cai Xuzhe මහතා එහි ප්‍රධාන අණදෙන නිළධාරියා ලෙස රාජකාරී කරනු ඇති බවත් සඳහන්.

මේ වනවිට මෙහෙයුම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රමානුකූලව සූදානම් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම, චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන භාවිතය සහ සංවර්ධන අදියර සඳහා වන ගගනගාමීන් සහිත සිව්වන මෙහෙයුම වන අතර, ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ 33 වැනි මෙහෙයුම ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04