චීනය කාල බෝම්බයක් – බයිඩන් කියයි

පවතින ආර්ථික අභියෝග අනුව චීනය, ක්‍රියාත්මක මට්ටමේ ඇති කාල බෝම්බයක් වැනි යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

අරමුදල් රැස් කිරීම වෙනුවෙන් උටාහ් ප්‍රාන්තයේ සංවිධාන කර තිබූ උත්සවයකදී ඔහු ආධාරකරුවන් අමතමින් සඳහන් කළේ මන්දගාමී වර්ධනය සහ ඉහළ විරැකියා අනුපාතය හේතුවෙන් චීනය ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවයි.

“චීනය බොහෝ අවස්ථාවලදී කාල බෝම්බයක් වගෙයි. ඔවුන්ට යම් යම් ගැටලු තිබෙනවා.එය හොඳ නැහැ , මන්ද නරක මිනිසුන්ට ගැටලු ඇති විට ඔවුන් නරක දේ කරනවා” යයි බයිඩන් ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ චීනය සහ එක්සත් ජනපදය මෑත කාලීනව විවිධාකාර හමුවීම්වල නිරත වුවද දෙරට අතර සබඳතා දැනටමත් නොසන්සුන්ව පවතින මොහොතක එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් චීනය සමඟ ආතතීන් උත්සන්න කිරීමේ අවදානමක් ඇති කරන බවයි.

මෙම සතිය මුලදී බයිඩන් පරිපාලනය විසින් චීන තාක්‍ෂණ අංශවල ඇතැම් එක්සත් ජනපද ආයෝජන සීමා කරමින් විධායක නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, එම ආයෝජන බීජිං හි මිලිටරි සහ බුද්ධි වැඩසටහන්වලට උපකාර කිරීමට භාවිත කිරීමේ අවදානමක් ඇති බවට උපුටා දක්වමින්.

මේ අනුව, අර්ධ සන්නායක සහ අනෙකුත් ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, ක්වොන්ටම් පරිගණක සහ ඇතැම් කෘත්‍රිම බුද්ධි යෙදුම් සෑදීම සඳහා වන චීන උත්සාහයන්ට මුදල් ආයෝජනය කිරීම,ප්‍රාග්ධනය සැපයීම සහ එවැනි සමාගම් සඳහා පුද්ගලික කොටස් නුකුතුව තහනම් වනවා.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කළ බවයි.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “මීළඟ පරම්පරාවේ මිලිටරි නවෝත්පාදනය සඳහා තීරණාත්මක වන තාක්‍ෂණයන් නිසි ලෙස ආරක්ෂා කිරීම තුළින් ඇමරිකාව ආරක්ෂිතව තබා ගැනීමට සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමට බයිඩන් පරිපාලනය කැපවී සිටින බවයි.

දේශපාලන අරමුදල් රැස් කිරීමක දී ජනපති බයිඩන් චීනය ගැන වඩා විවෘතව කතා කළ පළමු අවස්ථාව මෙය නොවන බව විචාරක මතයයි.

පසුගිය ජූලි මස කැලිෆෝනියාවේදී පැවති අරමුදල් රැස්කිරීමකදී ජනපති බයිඩන් කියා සිටියේ, එක්සත් ජනපදයේ වෙරළට ඔබ්බෙන් වූ චීන ඔත්තු බැලූ බැලූනයකට කළ වෙඩි තැබීමෙන් කලබල වූ චීන ජනාධිපති ෂී ජින්පින් “ඒකාධිපතියෙකු” බවයි.

“සිදුවූයේ කුමක්දැයි නොදැන සිටීම ඒකාධිපතියන්ට මහත් අපහසුතාවක්” බව ද බයිඩන් එහිදී ප්‍රකාශ කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16