චීනය අලුත් ගෙවල් හැදීම තහනම් කරයි

චීනයේ ඉදිකර ඇති නිවාස නොවිකිණී එකතු වීමේ අර්බුදය පාලනය කිරීමේ නවතම උත්සාහයක් ලෙස ඇතැම් ප්‍රදේශවල නව නිවාස ඉදිකිරීම් සඳහා සීමා පනවා තිබෙනවා.

නව සීමා කිරීම් මගින්, නිෂ්කාශනය කිරීමට වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් ගතවන, අලෙවි නොකළ නිවාස විශාල වශයෙන් ඇති නගරවල සංවර්ධකයින්ට ඉඩම් පරිහරණ අයිතිය විකිණීමෙන් පළාත් පාලන ආයතන වලක්වනු ලබනවා.

මෙම සීමා කිරීම ප්‍රධාන නගරවලින් සියයට 40කට පමණ බලපානවා.

මෙය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ මන්දගාමී වූ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අවපාතයක් සමඟ කටයුතු කිරීමට චීනය දරණ උත්සාහයේ කොටසක්.

චීනයේ මහජන බැංකුවෙන් ණය දීමෙන් විශාල වශයෙන් අරමුදල් සම්පාදනය කරමින් යුවාන් බිලියන 500ක (ඩොලර් බිලියන 69ක්) මිලදී ගැනීම් ඉලක්ක කර ගනිමින් අලෙවි නොකළ නිවාස මිල දී ගැනීම් සංවිධානය කරන ලෙස රජය මැයි මාසයේ දී පළාත් පාලන ආයතනවලට නියෝග කළා.

පසුගිය වසර දෙකහමාර තුළ ගොඩනැගුණු නිවාස අඩු කිරීමේ සැබෑ ප්‍රගතියක් ලබාගැනීමට මෙම වැඩසටහන කුඩා වැඩි බව නික්කෙයි ඒෂියා වෙබ් අඩවිය පවසනවා.

Tianfeng Securities ඇස්තමේන්තු කරන්නේ රටපුරා නිවාස සැපයුම සුදුසු මට්ටමට ගෙන ඒම සඳහා යුවාන් ට්‍රිලියන 7 ක් අවශ්‍ය වනු ඇති බවයි.

නව සීමා කිරීම් රට තුළ නොවිකිණී ඉතිරිවන තවත් නිවාස එකතු වීම පාලනය කිරීමේ උත්සාහයක් චීනයේ ඉඩම් රජය සතු වන අතර, පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීම් සඳහා දේපල සමාගම්වලට භාවිත අයිතිය වෙන්දේසි කරනවා.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්තවලට අනුව, රටපුරා නොවිකිණුනු නිවාස අප්‍රේල් මස අවසානයේ 24% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රධාන නගර 70 ක අලුතින් ඉදිකරන ලද නිවාසවල සාමාන්‍ය මිල අප්‍රේල් මාසයේ දී 0.6% කින් පහත වැටුණා.

එය 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වූ තියුණුම පහත වැටීමයි.

නිවාස මිල පහත වැටීම ණය බරින් යුත් දේපළ සංවර්ධකයින් මත පීඩනයක් ඇති කරන අතර ණය පැහැර හැරීමේ අවදානමක් ඇති කරනවා පමණක් නොව බැංකු ක්ෂේත්‍රය බොල් ණය සම්බන්ධයෙන් අර්බුදයකට යොමු කරනු ලබනවා.

නමුත් මෙම සීමා කිරීම් බොහෝ අවස්ථාවල බදු ආදායම ඉතා වැදගත් වන පළාත් පාලන ආයතන සඳහා අත්‍යවශ්‍ය ආදායම් මාර්ගයක් වසා දැමීමක් ද වනු ඇති.

පළාත් පාලන ආයතනවල ඉඩම් විකුණුම් ආදායම 2021 උපරිමයට වඩා 2023 දී 33% කින් අඩු වූ අතර සීමාවන් දැඩි ලෙස යොදන්නේ නම් 2024 අගය තවදුරටත් පහත වැටීමට ඉඩ තිබෙනවා.

මේ අතර, ඉල්ලුම පැත්තෙන් යථා තත්ත්වයට පත්වීමේ සුළු සලකුණක් හෝ දක්නට නැහැ.

ආර්ථික අවිනිශ්චිතතාවය මත, මිල තවදුරටත් පහත වැටීමේ අපේක්ෂාවන් නිවාස ගැනුම්කරුවන් තුළ තිබීම ඊට හේතුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06