චීනයේ ස්වර්ණමය යුගය අවසන්ද ..??

ගෝලීය ආර්ථික වර්ධනය 2023 වසරේදී 3% ට වඩා පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.
එම පුරෝකථනයට අනුව ඉදිරි වසර පහ සඳහා ද  ගෝලීය ආර්ථික වර්ධනය 3% ක පමණ මට්ටමක පවතිනු ඇති. එය පසුගිය දශක දෙක තුළ දක්නට ලැබුණු 3.8% ක සාමාන්‍ය වර්ධනයට වඩා බෙහෙවින් අඩු තත්ත්වයක්.

නමුත් මෙවර, අතීතයේ මෙන් නොව, ආර්ථික ප්‍රකෘතිමත් වීමට හෝ තවදුරටත් හැකිලීයාම නැවැත්වීමට උපකාරී වන වර්ධන යන්ත්‍ර ඇත්තේ ස්වල්පයක් පමණක් වන අතර, තමන්ගේම ආර්ථිකය යහපත් පෙර නිමිති නොපෙන්වන නිසා චීනයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ අඩු සම්භාවිතාවක්.

කොවිඩ්-19 පශ්චාත් ආර්ථික ප්‍රකෘතිමත් වීම ලොව පුරා වර්ධනය වීමට පටන් ගැනීමෙන් පසුව, ආර්ථික ප්‍රකෘතියට අවශ්‍ය තල්ලුව චීන ආර්ථිකයට ජනනය කළ හැකි බවටයි අනුමාන කෙරුණේ. 2008/09 මූල්‍ය අර්බුදයෙන් පසු චීනයේ දැවැන්ත උත්තේජනය ගෝලීය ආර්ථිකයට උපකාර වීම ඊට හේතුවයි.

එහෙත් චීනයේ ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික ප්‍රකෘතියට උපකාරී වන තරම් යහපත් තත්ත්වයක නොතිබීම නිසා මෙම අපේක්ෂාවන් බොඳ වී යාමට පටන් ගෙන තිබෙනවා. IMF එහි නවතම ප්‍රක්ෂේපනය තුළ තවමත් අනාවැකි පළ කර ඇත්තේ චීනය ඉදිරි වසර පහ තුළ ගෝලීය ආර්ථික වර්ධනයේ විශාලතම ධාවකයා වනු ඇති බවයි.

ඔවුන් එක්සත් ජනපදයේ 11.3%ක දායකත්වයට සාපේක්ෂව සමස්ත ලෝක වර්ධනයෙන් 22.6%ක පමණ දායකත්වයක් සපයනු ඇති.
චීනයේ නිහඬ වූ ආර්ථික ප්‍රබෝධය සහ මහා පරිමාණ උත්තේජක යෙදවීමට  ඇති අකමැත්ත, භාණ්ඩ මිලට බලපෑම් කරමින් සහ කොටස් වෙලඳපොලවල් දුර්වල කරමින් ලොව පුරා දෝංකාර දෙමින් තිබෙනවා.

චීනයේ ආර්ථිකය වසරින් වසර සියයට 4.5 කින් ප්‍රසාරණය වූ අතර ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2023 ජනවාරි-මාර්තු කාර්තුවේ කාර්තුවෙන් කාර්තුවේ පදනම මත 2.2% කින් වර්ධනය වී තිබෙනවා. 2022 ඉලක්කය මග හැරී යාමෙන් පසු රජය මේ වසර සඳහා 5%ක පමණ ආර්ථික වර්ධනයක් සඳහා මධ්‍යස්ථ ඉලක්කයක් තබා තිබුණා.
පසුගිය කාර්තුවේ 0.60% සහ පසුගිය වසරේ 1.30% ට සාපේක්ෂව 2023 පළමු කාර්තුවේ 2.20% කාර්තුමය වර්ධනය බොහෝ දෙනා විසින් සලකනු ලබන්නේ   ධනාත්මක ලෙසයි.

එහෙත් චීන ආර්ථිකය සමඟ සියල්ල යහපත් නොවන අතර ගෝලීය ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ හැකියාව වේගයෙන් අඩුවෙමින් පවතිනවා.රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ  අප්‍රේල් මස චීනයේ කාර්මික නිමැවුම් සහ සිල්ලර විකුණුම් වර්ධනයන් පවතින්නේ පුරෝකථනයට පහළින් බවයි.

2022 දෙසැම්බර් කාර්තුවේ ඇති වූ කම්පනයෙන් චීන ආර්ථිකය යළිත් පිබිදී ඇති නමුත් දැන් චීන ආර්ථිකයේ ප්‍රකෘතිය වාෂ්ප වී ඇති බව Nikkei Asia වාර්තාව ද පෙන්වා දෙනවා.

ලෝකයේ වර්ධන අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා ලෝකයේ අනෙකුත් නැඟී එන ආර්ථිකයන් සමඟ වැඩි වැඩියෙන් සහයෝගයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. නිදසුනක් වශයෙන්, ප්‍රමුඛ නැගී එන ආර්ථිකයක් වන ඉන්දියාව, ලෝක ආර්ථිකයේ දීප්තිමත් ස්ථානයක පවතින අතර, ඔවුන් 2023 දී ගෝලීය වර්ධනයෙන්  සියයට 15 ක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.IMF හි නවතම World Economic Outlook වාර්තාවට අනුව, ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය වන අතර එය වත්මන් මූල්‍ය වර්ෂයේදී සියයට 5.9 කින් වර්ධනය වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10