චීනයේ ප්‍රමුඛ පෙළේ රජයේ තනතුරුවල කාන්තාවන් නොමැති වීම ගැන එක්සත් ජාතීන් කනස්සල්ලෙන්

චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරුවල කාන්තාවන් නොමැතිවීම පිළිබඳ අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ක්‍රමයක් අනුගමනය කිරීමට චීනයට නිර්දේශ කර තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව විසින් චීනයට මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ජර්මනිය, අයිස්ලන්තය, සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ, ස්ලෝවැකියාව, ස්පාඤ්ඤය, ටිමෝර්-ලෙස්ටේ සහ වෙනිසියුලාව වැනි රටවල් සම්බන්ධයෙන් ලද තොරතුරු මත පදනම්වයි.

කෙසේ වෙතත් දේශපාලන හා පොදු කටයුතුවල දී චීනයේ කාන්තා නියෝජනය වැඩි වී ඇති බව එම කමිටුව  පිළිගෙන තිබෙනවා.

එසේ වුවත් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ කාන්තා නියෝජනය සියයට 26.54ක් පමණක් වීම හේතුවෙන් කනස්සල්ලට පත් වන බවයි එම කමිටුව පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් තීරණ ගැනීමේ මට්ටම්වලදී අධිකරණ හා විදේශ සේවය ඇතුළු සියලුම රජයේ කාර්‍යාංශවල කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔවුන් චීනයෙන් ඉල්ලා සිටිනවා.

වසර 20කට පසු පළමු වරට 2022 ඔක්තෝබර් මාසයේ සිට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 24 දෙනා අතරට කාන්තාවන් ඇතුළත් වී නැහැ.

දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් හත් දෙනා අතර කාන්තාවන් නොමැති බවයි කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව පෙන්වා දෙන්නේ.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සඳහා පනවා ඇති අධික සීමා කිරීම් සහ කාන්තා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට එරෙහි බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව ද කමිටුව කනස්සල්ල පළ කළා.

චීනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ රජය ජාත්‍යන්තර හුවමාරු කිරීම් සහ කාන්තා ක්ෂේත්‍රයේ සහයෝගීතාවට ඉතා වැදගත්කමක් ලබා දෙන බවයි. 

කමිටුව විසින් නිර්දේශ කරන ලද ප්‍රයෝජනවත් අදහස් හොඳින් අධ්‍යයනය කරන අතර ලොව පුරා කාන්තාවන්ගේ අරමුණ ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දිගටම කටයුතු කරන බව ද චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10