චීනයේ නිපදවන ටයර් සඳහා යුරෝපා සංගමයෙන් ඉහළ බදු

චීනයෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ බස් රථ සඳහා වන ටයර් වෙනුවෙන් ඉහළ Anti-Dumping Duties පැනවීමට යුරෝපීය කොමිසම පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව පනවන ලද මෙම නව බදු ප්‍රතිශතයන්, අදාළ නිෂ්පාදකයා අනුව 4.3% සිට 45.3% දක්වා ඉහළ අගයන්ගෙන් යුක්ත වනවා.

යුරෝපීය කොමිසම නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, චීනයේ සිට යුරෝපා සංගමයට අයත් රටවල් වෙත මෙලෙස මෝටර් රථ සහ සැහැල්ලු ලොරි රථ ටයර් අසාධාරණ ලෙස ඉතා අඩු මිල ගණන් යටතේ ඇතුළු වී ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 14ක් පුරා විසිරී සිටින, 80,000කට අධික පිරිසකට රැකියා සපයන දේශීය ටයර් නිෂ්පාදන කර්මාන්තයට දැඩි ආර්ථික හානියක් සිදුවෙමින් පවතින බව ද ඔවුහු අවධාරණය කරනවා.

මෙම අවසන් තීරණයත් සමඟ ඉදිරියේදී චීන ටයර් නිෂ්පාදකයන්ට යුරෝපා වෙළඳපොළ වෙත භාණ්ඩ අපනයනය කිරීමේ පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යනවා.

එලෙසම ටයර් නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ස්වාභාවික රබර් සහ කෘතිම රබර් සඳහා පවතින ඉල්ලුමට ද මෙයින් සෘණාත්මක බලපෑමක් එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57