චීනයේ ගොඩනැගිල්ලක ගින්නකින් 26ක් ජීවිතක්ෂයට

උතුරු චීනයේ Shanxi පළාතේ Luliang නගරයේ කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.

නගරයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ගින්න එරට වේලාවෙන් උදෑසන 07ට පමණ හටගෙන ඇතැයි සඳහන්.

ගින්නට ගොදුරු වූ 63 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙම ගින්නත් සමග චීන ජනාධිපති ෂී ජින්පින්ග් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ප්‍රධාන කර්මාන්තවල සැඟවුණු අවදානම් සහිත ස්ථාන විමර්ශනය කරන ලෙසයි.

Apec සමුළුව සඳහා දැනට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපතිවරයා මිනිස් ජීවිත සහ දේපළ මෙන්ම සමාජ ස්ථාවරත්වයද ආරක්ෂා කරන ලෙස බලධාරීන්ට පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ රටේ විශාලතම ගල් අඟුරු නිෂ්පාදනය කෙරෙන පළාතක පිහිටි ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගිනි ගැනීම් ඇතුළු කාර්මික අනතුරු චීනයේ බොහෝ විට සිදු වන්නේ ආරක්‍ෂක ප්‍රමිතීන් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බව සඳහන්.

පසුගිය අප්‍රේල් මාසයේදී, බීජිං අගනුවර රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගියා.

එමෙන්ම පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වයඹදිග යින්චුවාන් පළාතේ බාබකියු අවන්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14