චීනයේ ඔත්තු බැලීමට පැමිණි චෙක් ජාතිකයා ගැන චීනයෙන් පුළුල් විමර්ශන

චීනයේ සංචාරයක නිරතව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ චෙක් ජනරජයේ පුරවැසියෙකුට එරෙහිව රාජ්‍ය රහස් අනාවරණය කිරීම සහ ඔත්තු බැලීම පිළිබඳ බරපතළ චෝදනා යටතේ චීන ජාතික ආරක්ෂක බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ත කරනවා.

මෙම සිදුවීමත් සමඟ මෑත කාලයේදී චීනය සහ යුරෝපා සංගමයට අයත් රටවල් අතර පවතින උපායමාර්ගික සහ දේශපාලනික සබඳතා තවදුරටත් දැඩි ආතතිමය තත්ත්වයකට පත්වීමේ අවදානමක් මතුව තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මෙම අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විදේශීය පුරවැසියා චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් නීතිවිරෝධී ලෙස තොරතුරු රැස්කිරීමේ නිරතව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් චීන නීතියට අනුකූලව මෙම පියවර ගත් බවයි.

බීජිං නුවර පිහිටි චෙක් තානාපති කාර්යාලය වෙත මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයාට අවශ්‍ය තානාපති සහ නීතිමය සහය ලබාදීම සඳහා චීන බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව චෙක් විදේශ අමාත්‍යාංශය ද තහවුරු කර තිබෙනවා.

චෙක් ජනරජය මෑත කාලීනව තායිවානය සමඟ සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම සහ චීන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි ස්ථාවරයක සිටීම හේතුවෙන් දෙරට අතර සබඳතා දැනටමත් පළුදු වී පවතින පසුබිමක, මෙම නවතම අත්අඩංගුවට ගැනීම යුරෝපය සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇතැයි භූ දේශපාලනික විචාරකයෝ පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18