චීනයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය ඉල්ලු හේතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියයි

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මෙරට විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා යෙදවීමට ඉලක්ක කරන බවයි.

මේ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඕස්ට්‍රේලියාවෙන් රජයෙන් ඉල්ලා ඇති බවයි. ඒ, පරිප්පු සහ කිරිපිටි ආනයනය කිරීම සඳහායී.

ශ්‍රී ලංකාව මාසයකට ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය කරන අතර, ඒ අනුව සති 03කට පමණ අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකාව සතුව බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ.

එමෙන්ම, මුදල් අමාත්‍යවරයා සහ තමන් සිදුකළ ඉන්දීය සංචාරයේදී දැනට ඉන්දීය රජය විසින් ඉන්ධන ආනයනය සඳහා ලබාදී ඇති ඩොලර් මිලියන 500ක ණය සීමාව ඩොලර් මිලියන 750ක් දක්වා ඉහළ නැංවීමට ඉල්ලීමක් කළ අතර ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කලේ රුපියල අවප්‍රමාණය කිරීමේ තීරණයත් සමග අපනයනකරුවන්ට වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට ඉදිරියේදී හැකියාවක් ලැබෙනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24