චිලී හි තඹ පතලක සිරවූවෝ බේරාගැනීම⁣ට දැවැන්ත මෙහෙයුමක් – දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

චිලී හි ලොව විශාලතම භූගත තඹ පතලේ කොටසක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

භූමිකම්පාවකින් පසු කඩා වැටුණු මෙම පතලේ දින දෙකක් පුරා සිරවී සිටින සේවකයන් සිව්දෙනක් බේරාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සන්තියාගෝ සිට කිලෝමීටර් 100ක් දකුණින් පිහිටි රන්කගුවා හි එල් ටෙනියෙන්ටේ පතලේ කොටසක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.

පතලේ හිමිකාරිත්වය දරණ කොඩෙල්කෝ සමාගම පවසන්නේ බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වුව ද සිරවුණු සේවකයන්ගේ ඉරණම අවිනිශ්චිත බවයි.

බ්‍රහස්පතින්දා සිදු වූ මැග්නටියුඩ් 4.2ක භූකම්පනයක් හේතුවෙන් පතලේ උමං මාර්ග කිහිපයක් කඩා වැටී තිබෙනවා.

අන්දීස් කඳුවැටියේ ඉහළ කොටසේ පිහිටා ඇති මෙම පතල් සංකීර්ණය ලෝකයේ විශාලතම භූගත තඹ පතල ලෙස සැලකෙනවා.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පතල් ක්‍රියාකරුවන් සමඟ 100ක පමණ පිරිසක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09