චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් සහ ජනප්‍රිය නිළියක් පාන්දර 02ට පානදුර ටවුම මැද ආරවුලක

මෙරට ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතර අද (22) අලුයම ඇතිවූ ආරවුලක් සම්බන්දහයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව පානදුර දකුණ පොලීසිය පවසනවා.

පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසළ පිහිටි නිවසක් ඉදිරිපිට අද අලුයම 2.00ට පමණ මෙම ආරවුල සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ අධ්‍යක්ෂවරයා අදාළ නිළිය මුණගැසීම සඳහා අද අලුයම් කාලයේ ඇය රැඳී සිටින පානදුර නගරයේ පිහිටි නිවස අසළට මෝටර් රථයෙන් පැමිණ තිබෙනවා.

ඒ, අතර වාරයේ දී මෙම ආරවුල හටගත් බවට පැමිණිලි ලැබී ඇති බවයි පානදුර දකුණ පොලීසිය පැවසුවේ.

තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා ලබගත් බවට එම ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක් විසින් මෙලෙස පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

මේ අතර තමාගේ ලක්ෂ 75කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අලුයම ද ජංගම දුරකථනය සහ ලක්ෂ තුනහමා‍රක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුර ද ඇය විසින් ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ද පොලිසිය හමුවේ පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පැමිණිලි සඳහා පොලිසියට පැමිණ සිටි දෙපාර්ශ්වයට කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව ඔවුන් විසින් ගොනුකර තිබූ පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සිද්ධිය සමථයකට පත්වීමට එකඟ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
6
+1
251
+1
16
+1
10
+1
24
+1
82
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32