spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘චැනල් 4’ හෙළිදරව් කිරීම ගැන රජයෙන් පරීක්ෂණයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සිදුකරන හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රජය පරීක්ෂණයක් පවත්වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

පාර්ලිමෙන්තුවේ දී අද (05) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ චැනල් 4 නාළිකාවේ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත්කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණ ද පැවැත්වීමට සූදානම් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
97
+1
3
+1
3
+1
7
+1
47
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?