“චැනල් 4” චෝදනා විමර්ශනය කරන විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට

“චැනල් 4” චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව 17 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන ඒමට තීරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන 17 වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා සඳහන් කළේ.

පසුගිය 6 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු ක‍ටයුතු තීරණය වී තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

17 වන අඟහරුවාදා පෙරවරු 10.30ට පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වැඩ බලන මහලේකම්වරයා කියාසිටියේ.

ඉන්පසු බලපිටිය ශ්‍රී රාහුලාරාම පුරාණ විහාරස්ථ සාමණේර ආකල්ප සංවර්ධන භික්ෂු විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීම සහ ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සිදු කිරීමට නියමිතයි.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) ශත සංවත්සරය වෙනුවෙන් කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

18 වන බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2339/06 සහ 2347/10 දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග දෙකක් විවාදයට ගැනීමට ද එකඟත්වය පළවී තිබෙනවා.

ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන ‍යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා රේගු ආඥා පනත යටතේ අංක 2329/46 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රේගු ආඥාපනත යටතේ අංක 2336/72 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය විවාදය ගැනීම සිදු වනවා.

තවද නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2334/23, 2336/69, 2338/58, දරන ගැසට් පත්‍රවල පළ කළ නියමයන් තුනක්, මුදල් පනත යටතේ අංක 2334/24, 2340/42 දරන ගැසට් පත්‍රවල පළ කර ඇති නිවේදන දෙකක්, මුදල් පනත යටතේ අංක 2329/19, 2342/24 දරන ගැසට් පත්‍රවල පළ කර ඇති නියෝග දෙකක් සහ සුරාබදු ආඥාපනත යටතේ අංක 2336/70 සහ 2338/57 දරන ගැසට් පත්‍රවල පළ කොට ඇති නිවේදන දෙකක් එදින ‍විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.

20 වන සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා සමාගම් පනත යටතේ අංක 2323/41 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග, මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේඅංක 2294/54 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනය ද විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

ඉන්පසු පස්වරු 5ට පමණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට ද මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා. අනතුරුව පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම ප්‍රසිද්ධ බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55