චාමරව සතුටු කරන්න ඇරඹු ව්‍යාපෘතිය වලානෙන් වටලයි

පුත්තලම සිමෙන්ති කම්හලට අයත් පුරාවිද්‍යා අගයක් සහිත අධි සංවේදී කලාපයක, ඉල්මනයිට් කැණීම් කරමින් සිටි දේශීය සමාගමකට අයත් කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් කළ වැටලීමකදීයි.

පැරණි භූවිද්‍යාත්මක සාධක හෙළිදරව් කරන සාධක සහිත පාෂාණ තැන්පතුවක් මේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.

වර්ෂ මිලියන 23කට ඉහත මයෝසීන යුගයට අයත් පොසිල සාධක සහිත මේ භූමිය අක්කර හාරදහසක වනගත භූමියක පැතිර පවතිනවා.

එමෙන්ම එම ස්ථානය මෙරට සිමෙන්ති නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන ප්‍රදේශයක් ලෙසද ප්‍රකටයි.

නිසි අවසරයකින් තොරව අදාළ කැණීම් සිදුකොට ඇති අතර, අදාළ සමාගම එවැනි කැණී සඳහා අවශ්‍ය සුදුසුකම් හෝ සපුරා නැති බවයි පැවසෙන්නේ.

මේ ආයතනයට අදාළ කැනීම් සඳහා අවසරය දී ඇත්තේ පසුගිය රජයේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ චාමර සම්පත්ගේ සෘජු බලපෑමෙන් බව වාර්තා වනවා.

ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහ අවශ්‍ය නිර්දේශ නොමැති නිසා එවකට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ මණ්ඩලයේ භාණ්ඩාගාර නියෝජිතයා මෙම ව්‍යාජ ගිවිසුමට විරුද්ධ වූ බවත් වාර්තා වනවා.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධව සියෑම් සිටි ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයාට 2024/01.04 දින එවකට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජේ.එස් ධර්මප්‍රිය විසින් ලිපියක් යොමු කරමින් අවධාරණය කොට ඇත්තේ ඉහත ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සියම් සිටි සිමෙන්ති ලංකා සමාගම සහ ආශා මිනරල් සමාගම සමඟ ගිවිසුම් සම්බන්ධව මතුවී තිබුණු ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර කීපයක් සාකච්ඡා කළ බවත් එම ගැටළු සියල්ල නිරාකරණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවත් පවසා තිබෙනවා.

මේ අතර විශේෂ කොට සඳහන් කර ඇත්තේ අමාත්‍ය චාමර සම්පත් දිසානායක ද මේ පිළිබඳව නිතර නිතර සිහිපත් කරන අතර, ව්‍යාපෘතිය කඩිනම්ව කරන්නේ නම් එතුමා දැඩි සතුටට පත්වන බවයි.

මේ වනවිට මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.

2
  1. එක එක අමති හරක් සතුටු කරන්න ප්‍රාග් ඉතිහසයක් තියන භුමිය සමතලා කරලා ඉවරයි.මෙපමණ කලක් මේ විනශයක් වෙනකම් බ්ලදාරි.න් මුනුවත රක්කෙ අයි.

    • පුරාවිද්‍යා රක්ෂිතයක්ද යන්න වලාක දුෂණ මර්ධන ඒකකයෙන් ද තීරණය කරන්නේ? ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් නැද්ද? මේවගේ බොරු ප්‍රවෘති පලකරන්නේ ඇයි?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40