චාමරගේ අසනීප තත්ත්වය ගැන තොරතුරු ඉදිරියේදී (වීඩියෝ)

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වන විටත් වෙද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉදිරියේදී ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් රසිකයින් දැනුවත් කරන්නට බලපොරොත්තුවෙන් සිටින බව චාමර වීරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් පවසනවා.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ පසුගිය 17 වැනිදායි.

පසුව චාමර වීරසිංහ මහතා එම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පසුගිය 20 වැනිදා යොමු කෙරුණා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පී ,චාමර වීරසිංහ මහතා වෙනුවෙන් සෙත් පතා ඊයේ බෙල්ලන්විල රජමහා විහාරයේදී බෝධි පූජාමය පින්කමක් පැවැත් වුණේ ඔහුගේ පවුලේ ඥාතීන්,කලාකරුවන් සහ රසිකයින්ගේ සහභාගීත්වයෙන්.

මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින චාමර වීරසිංහට තවත් කෙටි කලක් එම රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇති බවයි.

ඔහුට මේ වන විට නියුමෝනියා රෝගී තත්ත්වය පවතින අතර ඔහුට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළා.

ඔහු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු බැවින් ටික කලක් රෝහල්ගතව සිටින්නට සිදුවනු ඇති බවයි ඇය කියා සිටියායේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30