චමුදිතගේ නිවසට පහර දී පලාගිය වාහන සරණංකර පාරෙන් මතුවේ

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සැකකරුවන් ගමන් ගත් මාර්ගයේ සීසීටීවී කැමරා සීයකට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කොට ගත් කර තිබේ.

මාර්ගයේ ගමන් ගන්නා වෙනත් වාහන වල විදුලි ආලෝක ධාරාවන් හේතුවෙන් එකී මැර පිරිස් පලා යන වාහන වල අංක හරියාකාරව හඳුනා ගැනීමට අපහසු වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම දර්ශන තව දුරටත් විශ්ලේෂණය කර ගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට යොමු කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කළේය.

පහරදීමට පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය කොහුවල දක්වා ධාවනය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බවද පොලිසිය පවසයි.

එමෙන්ම සමරවික‍්‍රම මහතාගේ නිවසට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන් ගත් වාහනය දෙහිවල සරණංකර පාර දෙසින් පැමිණි බවට සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.

මාර්ග කිහිපයක සහ ගොඩනැඟිලිවල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගෙන මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි - එයාලට තියෙන ඒ ආදරය
02:18
Video thumbnail
දඹුල්ල යුද හමුදා කඳවුර අසල තිබී උණ්ඩ කිහිපයක් සොයාගයි - පොලිසිය හා STF එක්ව වටේම සෝදිසි කරයි
01:32
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19