spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමීරට බංග්ලාදේශ තරග සංචාරය අහිමි වෙයි – පැතුම් සුව අතට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ලක්ව ඇති පාදයේ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන්.

දුෂ්මන්ත චමීර ඇෆ්ගනිස්ථානය සමඟ නිමා වූ එක්දින තරගාවලිය අතර තුර පාදයේ ආබාධයකට ලක් වුණා.

මේ අතර ඇෆ්ගනිස්ථානය සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංකට බංග්ලාදේශය සමඟ ආරම්භ වෙන විස්සයි විස්ස තරගාවලියට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

එම කාලය වන විට ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත්වෙනු ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය එළඹෙන මාර්තු මස 04 වනදා විස්සයි විස්ස තරගාවලියෙන් ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?