රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියක් වන චමිත්‍රී රඹුක්වැල්ල ඇප මත නිදහස් කර තිබෙනවා.
අද (20) ඇය මෙලෙස මුදා හැර ඇති බවයි පැවසෙන්නේ.
මුදල් විශුද්ධීකරණ චෝදනාවක් යටතේ ඊයේ (19) පෙරවරුවේ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණ සිටියදී චමිත්‍රි රඹුක්වැල්ල, ඇයගේ නැගණියක් සහ ඉසුරු පුලස්ති (බෑණා) යන අයව අත්අඩංගුවට ගැනුණා.
ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඇප කොන්දේසි සැපිරීමෙන් අනතුරු මුදා හැරීමට නියෝග කෙරුණ ද, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වූ චමිත්‍රී රඹුක්වැල්ල යළි බන්ධනාගාරගත කෙරුණා.
ඉන් පසුවයි ඇයව අද යළි මුදා හැරුණේ.













