චම්පික ගැන හෙට සජබ ඇතුළේ තීරණාත්මක සාකච්ජාවක්

ඉකුත් දා පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගත් පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් හෙට (01) දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂය තුළ ඒ මහතාට ලබා දීමට නියමිත වගකීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඒ සදහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර ඊට රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු සහ කබීර් හෂීම් යන් මහත්වරුන් ඇතුළත් බව දැනගන්නට ඇත.