spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චන්දිමාල් සහ ධනංජයගෙන් අර්ධ ශතක

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී අර්ධ ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් සමත්වුණා.

මෙහිදී චන්දිමාල්ට අර්ධ ශතකය රැස් කිරීම සදහා වැය වූ පන්දු සංඛ්‍යාව 85ක්.

එමෙන්ම ඔහු මෙලෙස රැස්කළේ සිය ටෙස්ට් දිවියේ 26වන අර්ධ ශතකයයි. එයට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුලත් වුණා.

ෂකිබ් අල් හසන්ගේ පන්දුවකට ලිටෝන් දාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට පන්දු 104කින් ලකුණු 59ක් ලබාගෙන සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සිය 14 වන ටෙස්ට් අර්ධ ශතකය අද (31) දිනයේ වාර්තා කළා.

හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් ඇතුලත් .

ධනංජය ද සිල්වා මෙලෙස රැස් කළේ ඔහුගේ ටෙස්ට් දිවියේ 14වන අර්ධ ශතකයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?