චන්දිමාල් ජයසිංහ රථ වාහන නීති කඩ කිරීමක් හේතුවෙන් කෙසෙල්වත්ත පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කොටුව පොලිසිය විසින් ඔහුව සහ පියුමි හංසමාලිව අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදාහැරුණා.










