චණ්ඩ සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ එම ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (12) දහවල් 12 තෙක් වලංගු වන ආකාරයෙන්.

එමගින් දන්වා ඇත්තේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය “මොබා” සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බවයි.

එම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අනතුරුව එය ක්‍රමයෙන් වර්ධනය වී හෙට (12) උදෑසන සිට උතුරට බරව ඊසාන දෙසට ගමන් කර සවස් වන විට මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩකඩ පවතිනවා.

මෙම පද්ධතිය 14 වනදා උදෑසන සිට මදක් දුර්වල වී දහවල් වන විට ගිණිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි අනාවැකි පළවන්නේ.

මෙම පද්ධතියේ බලපෑමෙන් ඉදිරි පැය 24 තුල උතුරු අක්ෂාංශ 03ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා වැඩිවිය හැකියි.

අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි ධී්වර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

ඊට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
6
+1
10
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59