ඝාතන සැලැස්මක් ගැන වසන්ත මුදලිගේ හෙළිකරයි

අත්අඩංගුවට ගත් තමා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනතා නැගිටීම හමුවේ එම කටයුතුවලට ඉඩක් නොතිබූ බවයි.

“ගිය අවුරුද්දේ අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත්තට පස්සේ අපිව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයේ පිරිසක් විසින්. පෑලියගොඩ පොලිසියට අරගෙන ගිහිල්ලා කිසිම පැහැදිළි කිරීමක් නැතුව පොලිසිය ඇතුලේ හංගලා වගේ තියලා අනික් පහුවදා පාන්දරම කවුරුත් අවදි වෙන්නත් කලින් සිවිල් පිට වාහනේක දාගෙන රෙද්දකින් ඔතලා අරගෙන යනවා එඩේරමුල්ල පොලිසියට. එඩේරමුල්ල පොලිසියට අරගෙන ගිහිල්ලා ඒ. එස්. පී. මහින්ද විලෝරාරච්චි කියන පුද්ගලයා තමන්ගේ මේ වගේ මේසෙක ඉඳගෙන පිස්තෝලයක් මගේපැත්තට හරවලා පේන්න තියලා විජේවීරට වුණු දේ උඹට මතක ද, ඒ වගේම විජේ කුමාරතුංගට වුණු දේ උඹට මතක ද ? ඒ නිසා උඹටත් ඒ ටිකම තමයි කරන්න අපිට ඕනකම තියෙන්නේ හැබැයි මේ තත්ත්වය නිසා උඹව ඝාතනය කරන්න පුළුවන් කමක් නෑ.. ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා ඒ එස් පී මහින්ද විලෝරාරච්චි කියනවා..

“ඊට පස්සේ එතනින් එහාට අපිව වාහනවල දාගෙන කවුරුත් දන්නේ නැති විදිහට වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයකට අරගෙන යනවා. බිම් මහලේ යට තට්ටුවට කළුවර කාමරවලට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැතුව රෙදිවලින් ඔතලා පැය ගාණක් අපිව තියනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා එක පාරම තව දවසකදී 21 වෙනිදා උදේ වරුවේ අපිව වාහනේක දාගෙන අපිව අරගෙන යනවා නවගමුව දේවාලේ ළග තියෙන වාහන පාක් එකෙන් අඩි 10ක් විතර පහළට බැස්සට පස්සේ තියෙන පාළු ගඟ අයිනට. පාළු ගග අයිනට අරගෙන ගිහිල්ලා රෙද්දකින් ඔතලා මාංචුත් දාලා ආයුධ ටික වටේටම දාලා ඉවර වෙලා දුරකතන ඇමතුම් ලබාගන්නවා ඒ ගිය ආරක්ෂක නිලධාරියා….”

“සර් අපි අදාළ තැනට ඇවිල්ලා ඉන්නේ අපි මොක ද කරන්න ඕන කියලා”.

නවගමුව දේවාලේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ මහත්තයා ඇවිල්ලා බලනවා සැක සහිත වාහනයක් ඇයි මෙතන තියෙන්නේ කියලා. එහෙම වුණාට පස්සේ අපිව අරගෙන ගිය පොලිසියේ නිලධාරී මහත්තයා මොකක් ද දන්නවා ද කියන්නේ

“යකෝ අන්න අරූ එනවා ඌ එන්න කලින් ඉක්මනට එළවපන් කියලා”

“එතකොට නවගමුව පොලිසියේ අයවත් දන්නේ නෑ අපිව ඇයි අරගෙන ගිහිල්ලා අර දේවාලේ පිටිපස්සේ දේවාලේ ළග ඒ තියෙන ගඟක් පල්ලේ දාගෙන හිටියේ කියලා..”

“පහුගිය කාලේ පාතාලේ කියලා නම් ප්‍රසිද්ධ කරපු බොහෝ අය අපි ඝාතනය කළේ මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා… විශේෂයෙන් ම මදුෂ් කියන අයගේ නම කියලා කියනවා අපි මධුෂ්ව ඝාතනය කළේ මෙන්න මෙහෙමයි ඩී. ඕ. එක දවස් ගාණ ඉවරවෙලා එද්දී අපි ප්ලෑන් කළේ මෙහෙම සී. සී. ටී. වී. නැති තැන අපි හෙව්වේ මෙහෙම අපි මෙන්න මෙහෙම තමයි ෂූට් කළේ.. ඒ නිසා වැඩිපුර සද්ද දාන්න එපා කියලා කිව්වේ. “

“ඉතාම වගකීමෙන් අපි කියන්නේ මේවට අදාළ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා. පොලිසියේ ආදරණීය සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් අපිව ආරක්ෂා කළා”.

“හොර පාරෙන් වෙන වෙන පොලිසිවල ගිහිල්ලා කැලෑ අස්සේ අපිව දානකොට ඒ පොලිසිවල හිටපු සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් අපිව ආරක්ෂා කරපු නිසා තමයි අදටත් අපිට ඔබ ඉස්සරහා මෙහෙම කතා කරන්න පුළුවන්කම හම්බ වුණේ. තරු පටි ගහගන්න දේශ බන්දුලාගේ කුක්කො වගේ ඉන්න ටිරාන් අලස්ලගේ කුක්කො වගේ ඉන්න අදටත් පරාජිත රාජපක්ෂලාගේ රූකඩ විදියට ඉන්න අතලොස්සක් ඇගිලිවලින් ගණන් කරන්න පුළුවන් කඩේ යන පොලිසියේ කීප දෙනෙක් තමයි මේ සියලු මැදිහත්වීම කළේ. “

ඒ නිසා අපි කියනවා මේ අරගලය මෙතනින් එහාට යනගමන් අපිට ත්‍රස්තවාදියෝ කියලා ලේබල් ගහපු ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහලා තමයි ත්‍රස්තවාදියෝ කියලා අපි කියනවා. ඒ මොක ද අපි එහෙම කියන්නේ..

“ඔබ දන්නවා 1977 ඡන්දෙන් පස්සේ පොලිසිවලට නිවාඩු දීලා ජේ ආර් මාමයි රනිල් වික්‍රමසිංහ බෑනලයි ඒ වෙනකොට හිටපු විපක්ෂයේ බලය අඩු වුණාට පස්සේ විපක්ෂයේ සියලුදෙනාගේ ගෙවල්වලට ගිනි තිබ්බේ කවු ද ජේ ආර් මාමයි රනිල් වික්‍රමසිංහ බෑනයි ඒ වගේම යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ කවු ද ඒ බෑනයි පුතයි තමයි ඒ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ.. සාමෙ නම් සාමෙ යුද්දෙ නම් යුද්දෙ කියලා විපක්ෂෙ ගෙවල් ටික ගිනි ගැහුවේ කවු ද ඔය බෑනයි මාමයි තමයි ඔය ඔක්කොම ටික කළේ.

“ඒ කරපු බෑනලා මාමලා එහෙම කරලා ඉවර වෙලා ත්‍රස්තවාදය ඔවුන් වපුරලා ඉවර වෙලා අපිට ලේබල් ගහනවා ත්‍රස්තවාදියො කියලා අපි නැවත අවධාරණය කරනවා රටේ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම් රටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන කෙනාට කියන්නේ ත්‍රස්තවාදියා කියලා නම් අපි ලෑස්තියි ඒ ලේබල් එකෙන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන්න අපි ඒක වඩ වඩාත් ජව සම්පන්නව ඉදිරියේදී මේ අරගලය සියලු දෙනා එක්ක අඛණ්ඩව ඉදිරියට කරනවා කියන එක අපි මතක් කරනවා..”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14